බේරුවලින් මුහුදු ගිය බෝට්ටුවක් පෙරළෙයි - හයකගේ සිරුරු රෝහලට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 19, 2017

බේරුවලින් මුහුදු ගිය බෝට්ටුවක් පෙරළෙයි - හයකගේ සිරුරු රෝහලට

බේරුවලින් මුහුදු ගිය බෝට්ටුවක් පෙරළෙයි - හයකගේ සිරුරු රෝහලට

අද උදෑසන බේරුවලින් මුහුදු ගිය බෝට්ටු පෙළක බෝට්ටුවක් පෙරළී ඇතැයි ද, මේ වන විට එහි සිටි හය දෙනකුගේ මළ සිරුරු බේරුවල සහ නාගොඩ රෝහල් කරා ගෙන ගිය බව ද පොලිසිය පවසයි.

අදාළ පිරිස කටුකුරුන්ද ප්‍රදේශයේ පල්ලියක මංගල්‍යයක් සඳහා සහභාගීවීමට ගිය පිරිසක් බවත්, ඔවුන් රැගත් බෝට්ටුව කටුකුරුන්ද ප්‍රදේශයේදී පෙරළී ගොස් ඇති බවත් වාර්තා වෙයි.

බෝට්ටුවේ 16 දෙනෙකු පමණ පිරිසක් සිට ඇත.

අතුරුදන් වූවන් සොයා  බෝට්ටු දියත් කර ඇති බවත්, බේරා ගැණුනු කිහිප දෙනෙකු ප්‍රතිකාර සඳහා බේරුවල සහ නාගොඩ රෝහල් වෙත ඇතුළත් කර ඇති බවත් පොලීසිය පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad