පොළොන්නරුවට නව අධිකරණ සංකීර්ණයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 18, 2017

පොළොන්නරුවට නව අධිකරණ සංකීර්ණයක්

පොළොන්නරුවට නව අධිකරණ සංකීර්ණයක්

පොළොන්නරුව අධිකරණ කාර්යාලවල පැවති ඉඩකඩ ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ ඉල්ලීමක් මත රුපියල් මිලියන 382ක වියදමින් ඉදිකිරීමට අපේක්ෂිත පොළොන්නරුව නව අධිකරණ සංකීර්ණය සඳහා මුල්ගල තැබීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන 25 වැනි දා පෙ.ව.10.00ට සිදු කරන බව අධිකරණ අමාත්‍යංශය පවසයි.

යෝජිත අධිකරණ සංකීර්ණයට මහේස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ, මහා අධිකරණ, විනිසුරු නිළ නිවාස, ලේඛණාගාර, කම්කරු විනිශ්චය සභා, නීතීඥවරුන්ගේ කාර්යාල වැනි නවීන පහසුකම් වලින් මෙම නව ගොඩනැඟිල්ල සමන්විත වන අතර මෙය ඉඳිකිරීමෙන් පසු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවට ඵලදායි අධිකරණ සේවාවක් ලබා ගැනීමට ඉඩකඩ ලැබෙනු ඇතැයි අධිකරණ අමාත්‍යංශය විශ්වාසය පළ කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad