විවාහ උත්සව වලට රජය විශාල බද්දක් පනවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 16, 2017

විවාහ උත්සව වලට රජය විශාල බද්දක් පනවයි

විශාල මුදලක් වියදම් කරමින් පවත්වන විවාහ මංගල උත්සව සීමා කිරීමට රජය සුදානම් වෙනවා.

ඒ අනුව නව පනතක්  සම්මත කරගැනීමට සූදානම් වන බව  තමයි ආරංචි වෙන්නේ.


මෙම නව පනත සම්මත වුවහොත්, අධික වියදම් දරමින් සිදුකරන සුපිරි පැලැන්තියේ විවාහ මංගල උත්සවවලට අනිවාර්යයෙන් නතර වෙනවා.

කෙසේ වෙතත් විශාල මුදලක් වෙන් කරමින්  මෙවැනි  මංගල උත්සවයක් පැවැත්වීමට උත්සාහ කරන්නේ නම් ඒ වෙනුවෙන් අලුත් බද්දක්ද එකතු කරන බවද වාර්තා වෙනවා.

මෙවැනි පනතක් හඳුන්වාදීමට හේතු වී ඇත්තේ මුදල්  වියදම් කරමින් සිදුකරන දැවැන්ත විවාහ මංගල උත්සව සඳහා රට තුළම දැඩි විරෝධයක් මතුවීම නිසා බවද වාර්තා වෙයි.

ඔන්න කොහොම හරි මෙහෙම දඩ ගහන්න හදන්නේ ලංකාවේ නම් නෙවෙයි ඔන්න ඉන්දියාවේ තමයි මේක කරන්න යන්නේ.

විවාහයක් වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 5ක් වියදම් කරන්නේ නම් ඉන් 10% ක් බදු වශයෙන් ගෙවීමට නව යුවළට සිදුවන අතර, මෙම බදු මුදල් විවාහ මංගල්‍යයක් සිදුකිරීමට මුදල් නොමැති අයට උදව් කිරීම සඳහා යොදාගැනීමට නියමිත බවද සඳහන්ය.

No comments:

Post a Comment

Post Bottom Ad