චරිතාගේ පියා ගුවන්විදුලි මාධ්‍යවේදී ආරියදාස පීරිස් සමුගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 10, 2017

චරිතාගේ පියා ගුවන්විදුලි මාධ්‍යවේදී ආරියදාස පීරිස් සමුගනී



ගායන ශිල්පිණී චරිතා ප්‍රියදර්ශනී පීරිස්ගේ පියාණන් වන ආරියදාස පීරිස් මහතා අද සවස ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්ත වූයේය.මිය යන විට 91 වන වියේ පසුවූ ඒ මහතා ලංකාවේ ගුවන්විදුලි ක්ෂේත්‍රයේ පැරණීම ශිල්පීන්ගෙන් කෙනෙකි.

වෙළෙඳ සේවයේ පළමු නිවේදකයා ලෙස
සැලකෙන්නේද ඔහුය. ඔහු සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවලින් ද වැඩසටහන් මෙහෙයවූ බව කියැවේ. ඔහු ‘ආධුනික පැය’  ‘පිබිදෙන ගායක පරපුර’ “ඔව්. නෑ බෑ ‘ ,‘මිනිත්තුවක් පමණයි‘, ‘පැන පොඩි‘ ,‘එඩීගෙන් අහන්න‘, ‘ අම්බිගා ගීතයෙන් ගීතය‘, නිවේදක තෝරයි“ වැනි ජනප්‍රිය වැඩසටහන් විශාල ප්‍රමාණයක් ගෙන ආ අයෙකි. කුරුලු බද්ද චිත්‍රපටයේ වෛද්‍යවරයකු ලෙසද රඟපා ඇත.

පසු කලෙක ඔහුගේ බෑණනුවන් බවට පත්වූ ප්‍රවීණ ගායන ශිල්පී එඩ්වඩ් ජයකොඩි ඔහුගේ ආධුනික ගීත වැඩසටහනක් නිසා හඳුනාගත් අයෙකි.
චතුරිකා හා පූර්ණිකාගේ පියාණන් වන ජයන්ත පීරිස් මියගිය ආරියදාස පීරිස් මහතාගේ සොයුරෙකි. දේහය පිළිබඳ අවසන් කටයුතු 11 වන ඉරිදා පස්වරු 4ට බොරැල්ල කනත්තේ දී සිදු කෙරෙන බව පවුලේ ඥාතීන් ප‍්‍රකාශ කළා.

ඔහු ගැන ප්‍රචාරය වූ වාර්තා වැඩසටහනක් පහතින්...



No comments:

Post a Comment

Post Bottom Ad