තාජුඩීන් ඝාතන සිද්ධිය: හිටපු ස්ථානාධිපතිට ඇප - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 16, 2017

තාජුඩීන් ඝාතන සිද්ධිය: හිටපු ස්ථානාධිපතිට ඇප

තාජුඩීන් ඝාතන සිද්ධිය: හිටපු ස්ථානාධිපතිට ඇප

රගර් ක්‍රිඩක වසීම් තාජුදීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතව සිටි නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ  හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරාට මහා අධිකරණය විසින් ඇප නියම කර තිබේ.

කොළඹ මහාධිකරණය විසින් රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත හිටපු ස්ථානාධිපතිවරයා මුදා හැරීමට නියම කළ බව වාර්තා වෙයි.

සැකකරුගේ විදෙස් ගමන් තහනම් කළ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා සිද්ධියට අදාළ විමර්ශන කටයුතු වලට බාධා සිදුකළ හොත් නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බවද ඇප නියෝගය නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

රගර් ක්‍රිඩක වසීම් තාජුදීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීමේ චෝදනාව මත නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ  හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා පසුගිය වසරේ අප්‍රේල් මස 20 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad