'ගූගල් ලූන් ව්‍යාපෘතිය' ලංකාවට අහිමි වෙයි? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 16, 2017

'ගූගල් ලූන් ව්‍යාපෘතිය' ලංකාවට අහිමි වෙයි?

'ගූගල් ලූන් ව්‍යාපෘතිය' ලංකාවට අහිමි වෙයි?

ගූගල් ලූන් ව්‍යාපෘතිය මේ වන විට ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් පවතින බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 

ගූගල් සමාගම වෙනත් විකල්ප පිළිබඳ අවධානය යොමු කිරීමත් සමග ශ්‍රී ලංකාවට යෝජිත ගූගල් ලූන් ව්‍යාපෘතිය අනපේක්ෂිත අවසානයක් පෙන්නුම් කරමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ගූගල් ලූන් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වර්තමානයේ දී එල්ල වී ඇති ඇතැම් විවේචන සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා අද (16) කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“ගූගල් ව්‍යාපෘතිය ලංකාවට පැමිණියේ චමත් පලිහපිටිය හරහා. මේ ව්‍යාපෘතියට ශ්‍රී ලංකාවෙන් සත පහක්වත් වියදම් වුණේ නැහැ. ලංකාවට සම්පූර්ණයෙන් වයි ෆයි දෙන්න බලාපොරොත්තු වුණේ ගූගල් කියන එකෙන් නෙමෙයි. මේ දෙයින් බලාපොරාත්තු වුණේ ගූගල් ආයතනයේ අලුත් දෙයක් හඳුන්වා දීමට උත්සාහ කිරීමයි. ඒකේ නියමු ව්‍යාපෘතියක් ලංකාවේ කිරීමට උත්සාහ කළා. ඒකේ කොටස්කාරයෙක් වෙන්න තමයි අපි මැදට පැන්නේ. අපි බැලුවේ ගූගල් බැලුම හරහා එකවර මුළු ලංකාවටම 4G තාක්ෂණය දෙන්න පුළුවන්ද කියලා. අපි බැලුවේ ඉක්මනින් ගන්න පුළුවන් ජයග්‍රහණයක්. අපි පොඩි අවස්ථාවක් අරන් බැලුවා.“

 

No comments:

Post a Comment

Post Bottom Ad