විෂන් 2020 වැඩසටහන අහෝසි කර නෑ - රාජිත කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 19, 2017

විෂන් 2020 වැඩසටහන අහෝසි කර නෑ - රාජිත කියයි

විෂන් 2020 වැඩසටහන අහෝසි කර නෑ - රාජිත කියයි
 

විෂන් 2020 වැඩසටහන අහෝසි කර නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පසුගියදා පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ පිළිබදව අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

"අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් විසින් විෂන් 2020 වැඩසටහන ආරම්භ කර ඇති අතර, පසුව එම වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරාගෙන තිබෙනවා. මෙම වැඩසටහන යටතේ අක්ෂි ශල්‍යකර්ම ද සිදු කර ඇත්තේ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකයින් විසිනි. ශල්‍යකර්ම සිදු කළේ විෂන් 2020 වැඩසටහනේ කාර්යාල නිලධාරීන් නොවෙයි. උසස් තත්ත්වයෙන් අක්ෂි කාච එම වැඩසටහනෙන් ලබා දුන්නේ නැහැ. අඩු මිලට ඇති අක්ෂි කාච තමයි එම වැඩසටහනෙන් ලබා දී ඇත්තේ. විෂන් 2020 වැඩසටහනේ සම්බන්ධීකාරක වෛද්‍යවරයා අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙක් නොවෙයි. සාමාන්‍ය වෛද්‍යවරයෙක් පමණයි. නමුත් විෂන් 2020 වැඩසටහන අපි අහෝසි නොකර අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයට එම වැඩසටහන බාරදුන්නා. ඔවුන් සතුව අක්ෂි බැංකුවක් ද තිඛෙනවා. දැනට විෂන් 2020 වැඩසටහන අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සිදු කරනවා. ඇතැම් නිලධාරීන් සිටිනවා තමන්ට ලැබුනු තනතුරු බූදල්  කියලා ඉවත් වී යන්න කැමැති නැහැ. විෂන් 2020 වැඩසටහනේ මෙතෙක් සිටි සම්බන්ධීකරණ නිලධාරියා මාධ්‍යට තොරතුරු ලබාදීම පිළිබද විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය ලේකම්වරයාට දැනුම් දුන්නා.” 

 

 

No comments:

Post a Comment

Post Bottom Ad