මාර්තු 1 වනදා සිට දුම්රිය කාලසටහන් සියල්ල වෙනස්වේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 21, 2017

මාර්තු 1 වනදා සිට දුම්රිය කාලසටහන් සියල්ල වෙනස්වේ

එළැඹෙන මාර්තු මස 1 වැනි දින සිට ලංකාවේ සියලුම දුම්රිය ගමන් වාර නව දුම්රිය කාලසටහනක් අනුව ක්‍රියාත්මක වනබව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය දන්වා ඇත.

2006 වසරේ සිට වසර 11කට පසුව සංශෝධනය කරන ලද නව දුම්රිය කාලසටහනේ ප්‍රථම පිටපත දුම්රිය සාමාන්‍යාධිකාරි බී.ඒ.පී. ආරියරත්න මහතා විසින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට ඊයේ (20දා) පෙරවරුවේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී භාර දෙනු ලැබීය.

වසරින් වසර දුම්රිය ගමන් වාර වැඩිවීම, නව දුම්රිය සේවා ආරම්භ කිරීම, නව දුම්රියපොළවල් බිහිවීම හා මගීන් සංඛ්‍යාව අනුව නව දුම්රිය කාලසටහනක් සැකසීමේ අවශ්‍යතාව ඉස්මතු වූ බව අමාත්‍යවරයා එහිදී සඳහන් කෙළේය. නව දුම්රිය කාලසටහන මහජනතාවට මිලදී ගත හැකි පරිදි ප්‍රධාන දුම්රිය ස්ථානවලට ලබාදීමට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි බී.ඒ.පී. ආරියරත්න මහතා පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad