FCID නිතී විරෝධී ආයතනයක්.. ශ්‍රිලනිප නිල මතය එයයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 27, 2017

FCID නිතී විරෝධී ආයතනයක්.. ශ්‍රිලනිප නිල මතය එයයි..

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය (එෆ් සි අයි ඩී ) නීති විරෝධී එකක් බව තාමා එදා මෙන්ම අදත් පවසන්නේ යයි විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රෙම් ජයන්ත මහතා ඊයේ ප්‍රකාශ කල බව අද ලංකාදීප පුවත් පතේ මුල් පිටුවේ සඳහන් වේ.

මෙවෙනි ආයතනවලට බියවන්නේ නීතිය නොදන්නා අය බව කී අමාත්‍යවරයා එක එක අයි ඩී වලට බයේ තමා දේශපාලනය නොකරන බව ද සඳහන් කලේය. අමාත්‍යවරයා මෙසේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රිලනිප මූලස්ථානයේ ඊයේ ( 2017 ජනවාරි 26) පැවති මාධ්‍ය හමුවකදි මාධ්‍යවේදින් නැගු ප්‍රස්නවලට පිලිතුරු ලබා දෙමිනි.

පොලිස්පතිවරයා තමන්ගේ කාර්යභාරය ඉටු නොකර දේශන පැවත්විමෙන් පලක් නොවන බවද සුසිල් ප්‍රෙම් ජයන්ත අමාත්‍යවරයා පැවසිය. මෙහිදී අදහස් දැක්වූ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩීලාන් පෙරේරා මහතා පැවසුවේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය (එෆ් සි අයි ඩී ) නිත්‍යානුකූල එකක් බව අධිකරණයේ ප්‍රකාශවන තුරු පක්ෂයේම නිල මතය වුයේ එය නිති විරෝධී එකක් යන්න බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad