අන්නාසි කෑල්ලක් කෑ වරදට Cargills Food Cityයේ ආරක්ෂක නිලධාරිනිය ජීවිතයෙන් වන්දි ගෙවයි!!! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 27, 2017

අන්නාසි කෑල්ලක් කෑ වරදට Cargills Food Cityයේ ආරක්ෂක නිලධාරිනිය ජීවිතයෙන් වන්දි ගෙවයි!!!

පිළියන්දල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසලකදී අන්නාසි කැබැල්ලක්‌ කෑමෙන් අනතුරුව එම සුපිරි වෙළෙඳසල තුළදීම බිම ඇද වැටී මියගිය එහි ආරක්‍ෂක නිලධාරිනියකගේ මරණය සම්න්ධයෙන් පිළියන්දල හදිසි මරණ පරීක්‍ෂක අජිත් විඡේසිංහ පෙරේදා (25 වැනිදා) විවෘත තීන්දුවක්‌ ලබාදී තිබෙනවා.

මෙම මරණ පරීක්‍ෂණය පෙරේදා (25 දා) දහවල් කළුබෝවිල මහ රෝහලේ දී පැවැති අතර එහිදී මියගිය ආරක්‌ෂක නිලධාරිනියගේ ශරීරයේ කොටස්‌ රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමුකරන ලෙසටත්, එම වාර්තා පසුවට ඉදිරිපත් කරන ලෙසටත් අධිකරණ වෛද්‍ය නිලධාරිනියට නියෝග කළා. මෙලෙස මියගොස්‌ ඇත්තේ හම්බන්තොට, මයුරපුර පදිංචිව සිටි ඇගිලිකාර ගලප්පත්තිගේ රේණුකා මල්කාන්ති (54) නමැති ආරක්‍ෂක නිලධාරිනියයි.

ඉකුත් 24 වැනිදා දහවල් මෙම ආරක්‌ෂක නිලධාරිනිය අදාළ සුපිරි වෙළෙඳසලේ සේවය කරමින් සිට ඇත. එහිදී එහි සේවිකාවක්‌ අන්නාසි හා පලතුරු කපා රිජිෆෝම් පෙට්‌ටිවල අසුරන අයුරු ඇය දැක මෙම ආරක්‌ෂක නිලධාරිනිය එම ස්‌ථානයට ගොස්‌ කපා තිබූ අන්නාසි කැබැල්ලක්‌ ආහාරයට ගෙන ඇත. 


මෙම සිද්ධිය දැක ඇති එම සුපිරි වෙළෙඳසලේ සහකාර කළමනාකරුවකු අන්නාසි කැබැල්ලක්‌ හොරෙන් කෑවේ මන්දැයි අසමින් බැණ වැදී ඇති බවයි පැවසෙන්නේ. එහිදී අන්නාසි කෑ බවට වරද පිළිගෙන ලියුමක්‌ දෙන්නැයිද එම කළමනාකරු ආරක්‍ෂක නිලධාරිනියට පවසා ඇත. එම අවස්ථාවේ ඇය එක්‌වරම බිම ඇද වැටී ඇති බවට තොරතුරු හෙළිවූ බව පොලිසිය පවසනවා.

No comments:

Post a Comment

Post Bottom Ad