දුරුතු පොහොය අදයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 12, 2017

දුරුතු පොහොය අදයි

දුරුතු පොහොය අදයි
වසරේ පළමු පුර පසළොස්වක පොහොය වන දුරුතු පුර ප‍සළොස්වක පොහෝ දිනය අදට (12) යෙදී තිබේ. ශ්‍රී ලක්වාසීන් සියලු ම දෙනාට දුරුතු පොහොය වැදගත් වන්නේ බුදුන්ගේ ප්‍රථම ලංකා ගමනය සිදු වූ නිසාය.
එමෙන්අම අද වන් දිනයක සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කොට නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වැසි ජනයා කෙරෙහි අනුකම්පාවෙන් කේෂධාතු මිටක් දන්දුන් අතර එම කේෂධාතු නිදන්කොට මහියංගන චෛත්‍ය ඉදිකළ බව ඉතිහාසයේ සඳහන් වේ.

බිම්බිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කරන ලද්දේ ද දුරුතු පොහොය දිනකය.

No comments:

Post a Comment

Post Bottom Ad