මහනුවර රෝහලේ වාට්ටුවක් හදිසියේ වසා දමයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 12, 2017

මහනුවර රෝහලේ වාට්ටුවක් හදිසියේ වසා දමයි

මහනුවර රෝහලේ වාට්ටුවක් හදිසියේ වසා දමයි
මහනුවර මහ රෝහලේ 65 වන වාට්ටුව වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමූ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.
පැය 48ක් තුළදී රෝගීන් තිදෙනෙකු මිය යාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව හෙතෙම ප්‍රකාශ කළේය. මියගිය රෝගීන් තිදෙනාට ඉන්ෆ්ලුවෙන්සා ඒ.එච්.වන්.එන්.වන් වෛරසය ශරීර ගත වී ඇති බවට සැකකරන බව ද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කරයි. 

කෙසේ වුවද වකුගඩු රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ලබන එම වාට්ටුවේ සිටි සියලුම රෝගීන් ඉතා සුරක්ෂිත ආකාරයට වෙනත් විශේෂ ඒකකයකට මාරුකර යවා තිබේ. රෝහල් කාර්ය මණ්ඩලයට හෝ වෙනත් රෝගීනට මෙම වෛරසය ශරීර ගතව ඇත්දැයි සෙවීමට විශේෂ පරීක්ෂණයකට යොමු කරන බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad