විමල් සිල් සමාදන් වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 12, 2017

විමල් සිල් සමාදන් වෙයි

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නිවාස ඇමැති සහ ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා දුරුතු පුන් පොහොය වන අද (12) සිල් සමාදන් වීමට තීරණය කර තිබේ.

මන්ත්‍රීවරයා මේ බව බන්ධනාගාර නිලධාරීන්ට දැනුම් දීමෙන් පසු ඔහුගේ නම පොහෝ දින සිල් සමාදන් වන රැඳවියන්ගේ නාම ලේඛනයට ඇතුළත් කිරීමට ද ඊයේ (11) පියවර ගෙන තිබිණි.

කාර්යබහුල ජීවිතයේදී හිටි හැටියේම තමන්ට ලබා දුන් විවේකය තවත් අර්ථවත් කර ගැනීමට තමන් මෙම තීරණය ගත් බව ද මන්ත්‍රීවරයා බන්ධනාගාර නිලධාරීන්ට පවසා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad