දොස්තරලාට රෝගීන්ගෙන් මුදල් අයකිරීම තහනම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 12, 2017

දොස්තරලාට රෝගීන්ගෙන් මුදල් අයකිරීම තහනම්..

ස්ටෙන්ස් අලෙවි කරන වෙළෙද සමාගම්වල නියෝජිතයින්ට කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකය තහනම් වෙයි.

අක්ෂි කාච සහ හෘද ප්‍රතිකාර සදහා ස්ටෙන්ස් ලබාගැනීමට රජයේ රෝහල්වලට පැමිණෙන කිසිදු රෝගියෙකුගෙන් වෛද්‍යවරු විසින් මුදල් අය කර ගැනීම තහනම් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ සදහා වූ චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටිය මහතාට පස්වරුවෙි උපදෙස් ලබාදෙන ලදි. මිීට හේතු වී ඇත්තේ රෝහල්වලට පැමිණෙන රෝගීන්ගෙන් ඇතැම් වෛද්‍යවරුන් මුදල් අය කර ගැනීම පිළිබද පැමිණිලි ලැබීමෙන් අනතුරුවයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ හෘද රෝගීන් සදහා ස්ටෙන්ස් නොමිලේ ලබාදී ඇතත්, ඒ සදහා භාවිත කරන වයර්ලස් හිඟයක් පවතින බවයි. එම වයර්ලස් කඩිනමින් ආනයනය කරන ලෙස ද වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දෙන ලදි.

කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය ඉදිරිපිට ස්ටෙන්ස් අලෙවි කරන සමාගම්වල නියෝජිතයින් සිටින බවට ඊයේ (11) ලැබුන තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ පිළිබද විවර්ශණයක් සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශණ ඒකකයට දැනුම් දෙන ලදි.

තව ද ස්ටෙන්ස් අලෙවිකරන සමාගම්වල නියෝජිතයින්ට හෘද රෝග ඒකක භූමියට ඇතුලුවීම තහනම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් ලබාදෙන ලදි.

– නිපුන් ඒකනායක

No comments:

Post a Comment

Post Bottom Ad