ප්‍රභූ රථ සඳහා නව නීතියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 29, 2017

ප්‍රභූ රථ සඳහා නව නීතියක්

ප්‍රභූ රථ සඳහා නව නීතියක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හෝ ප්‍රභූවරයෙකුට රථ වාහන සඳහා අඳුරු පැහැති වීදුරු භාවිත කළ හැක්කේ නිසි බලපත්‍රයක් ලබා ගැනීමෙන් අනතුරුව බව පොලීසිය පවසයි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් අදාළ බලපත්‍රය ලබාගත යුතු බව රථ වාහන කටයුතු පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති, පාලිත ප්‍රනාන්දු මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හෝ ප්‍රභූවරයෙකු එම බලපත්‍රය ලබානොගෙන අඳුරු පැහැති වීදුරු භාවිත කරන්නේ නම් එය ඉවත් කිරීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad