හම්බන්තොට වරායටත් වන අලි ඇතුළුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 29, 2017

හම්බන්තොට වරායටත් වන අලි ඇතුළුවෙයි

හම්බන්තොට වරායටත් වන අලි ඇතුළුවෙයි
හම්බන්තොට, මිරිජ්ජවිල ගම්මානයට කඩා වැදුණු වන අලියෙකු පළවා හැරීමට වනජීවී නිලධාරීන්ට ඊයේ(28) විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු විය. මෙම වන අලියා මිරිජ්ජවිල ගම්මානයට කඩා වැදී ඇත්තේ පෙරේදා රාත්‍රියේ ය.

හම්බන්තොට අඩවි වනජීවී කාර්යාලයේ නිලධාරීන්, බූන්දල වනජීවී නිලධාරීන්, හම්බන්තොට හා අම්බලන්තොට පොලිස් නිලධාරීන්ගේ මැදිහත් වීමේන් වන අලියා පළවා හැරීමේ මෙහෙයුම ඊයේ පෙරවරුවේ ආරම්භ කර ඇත.

ප්‍රදේශයෙන් පළවා හැරුණු වන අලියා හම්බන්තොට සූරියවැව අඩි 100 මාර්ගය ඔස්සේ හම්බන්තොට ජාත්‍යන්තර වරාය භූමියට ඇතුල් වීම හේතුවෙන් මෙහෙයුම තවදුරටත් අපහසු විය. පැය 4ක පමණ මෙහෙයුමකින් අනතුරුව වරාය ආසන්නයේ වන රොදකට අලියා පළවා හැරීමට නිලධාරීහු සමත් වූහ.

No comments:

Post a Comment

Post Bottom Ad