සරත් ෆොන්සේකාගෙන් ලෝක වාර්තාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 29, 2017

සරත් ෆොන්සේකාගෙන් ලෝක වාර්තාවක්

සරත් ෆොන්සේකාගෙන් ලෝක වාර්තාවක්
වාසුදේව නානායක්කාර මහතා උත්සාහ දරන්නේ තමන්ගේ තරු ගැලවීමට නම් තමන් තවත් තරුවක් පැළඳ ලෝකයේ පළමු තරු හයේ ෆීල්ඩ් මාර්ෂල්වරයා ලෙස ලෝක වාර්තාවක් තබන බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඊයේ (28) පස්වරුවේ මහනුවරට පැමිණි අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ශ්‍රී දළදා සමිඳුන් වැද පුදා ගැනීමෙන් අනතුරු මල්වතු හා අස්ගිරි  මහනාහිමිවරුන්ද බැහැදුටුවේය. මේ අතර ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇමතිවරයා පැවසූයේ යුද අපරාධ සිදු කළ පුද්ගලයන් සිටී නම් නිලතල තරාතිරම නොබලා අනිවාර්යයෙන් ඔවුන්ට දඬුවම් ලබා දිය යුතු බවයි.

“සමහර වෙලාවට ලක්ෂ දෙකක හමුදාවේ හත් අට දෙනෙක් නොහිටියා වෙන්නත් බැහැ. නොහිටියා නම් එකත් මම හිතන්නේ යථාර්තවාදී නැහැ," ඔහු කියා සිටියේය. ලොව වෙනත් රටවල හමුදා තුළත් එවැනි පුද්ගලයන් අතලොස්සක් දැකිය හැකි බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad