ප්‍රතිකාර පරක්කුයි කියා රෝහලේ සේවකයින්ට පහර දී රෝගියාද රැගෙන පලා යයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 28, 2017

ප්‍රතිකාර පරක්කුයි කියා රෝහලේ සේවකයින්ට පහර දී රෝගියාද රැගෙන පලා යයි..

පහරදීමකින් සුළු තුවාල ලබා දඹුල්ල මුලික රෝහලට ප්‍රතිකාර සදහා අද(28 ) පෙරවරුවේ ඇතුළත්වූ පුද්ගලයෙකුට ප්‍රතිකාර ප්‍රමාද වූවායයි කෝපයට පත් රෝගියා සමග පැමිණි අයෙකු එම වාට්ටුවේ සිටි උපස්ථායකයට පහරදී රෝගියාද රැගෙන පලා ගොස් ඇත.

මෙම සිද්ධිය අද දහවල් 12.30 ට පමණ සිදුව ඇත. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවලු රැගෙන පැමිණි පුදගලයෙකු ආර්ථික මධ්‍යස්ථානය අසලදී ත්‍රි රෝද රථ රියදුරෙකු සමග ආරාවුලක් ඇති කරගෙන ගුටිබැට හුවමාරුවක්ද සිදුකරගෙන ඇත.එහිදී තුවාල ලැබූ එළවලු රැගෙන පැමිණි පුදගලයා සමග පැමිණි අයෙකු මෙම පහරදීම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වේ.

පහරකෑමට ලක්වූ උපස්ථායක ද රෝහල් ගත  කර ඇත. පහර දුන් පුද්ගලයා අත්වඩංගුවට ගන්නා ලෙස බලකරමින් දඹුල්ල රොහල් සියලු උපස්ථායකින් පැය දෙකක් පමන  සේවයෙන් බැහැර වු අතර දමුල්ල රොහලේ ප්‍රධාන වෛද්‍යවරයා හා
දඹුල්ල පොලිසිය එකතුව සිද්ධිය සමතයකට ගැනිමට කටයුතු කරමින් සැකකරුවන් පැය 24 ක් තුල අත්අඩංගුවට  ගැනිමට දඹුල්ල පොලිසිය කටයුතු කරන බව පැවසා රෝහලෙන් පලා ගිය රෝගියා හා පහරදීමට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට දඹුල්ල පොලිසිය උප පොලිස් පරික්ෂක වරයකුගේ මුලිකත්වයෙන් පරීක්ෂණ ආරම්හ කර ඇතැයි . දඹුල්ල පොලිසිය කියයි

පැය 24ක් ඇතුලත පහර දුන් පුද්ගලයා අත්වඩංගුවට නොගතහොත්  හෙට උදාසන සිට රොහලේ සියලු රාජකාරියෙන් බැහැරවන බව රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය කියා සිටිති. ඒ වැනි තත්වයකදි දමුල්ල රෝහලේ සියලු කාර්ය මංඩල සමාජිකයින් කනාෂ්ඨ සේවකයින්ට සහය දෙන බව රොහල් ප්‍රකාශකයෙකු අපහා පැවසිය.

– මහින්ද උදයසිරි රත්නායක

No comments:

Post a Comment

Post Bottom Ad