හැංගි හොරා පාවිච්චිකරන එක මම එළිපිට කතා කළා ඕෂධී අමුතු කතාවක් කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 28, 2017

හැංගි හොරා පාවිච්චිකරන එක මම එළිපිට කතා කළා ඕෂධී අමුතු කතාවක් කියයි

ආශාවරී කිව්වම අද වෙද්දී බොහෝ දෙනා දන්නවා මේ ගැන. බොහෝ කතා කියනවනේ.... වැඩිපුරම මේකට ඇඟිල්ල දික්කරන්නේ මේ රූප රචනාවට සහභාගි වූ ඕෂධී හිමාෂාටයි. බලමු මොනවද ඕෂධී මේ ගැන කියන්නේ කියලා.


පුංචි කාලේ අපට හීන තියෙනවානේ... ඕෂධීගේ ආසාව වෙලා තිබුණේ රඟපාන්නද...?

නෑ... පුංචි කාලේ ඉඳන් මම හරිම ආසාවෙන් හිටියේ ගුවන් සේවාකාවක් වෙන්න. චූටි කාලේ ප්ලේන් අහසේ යද්දී ඒ ප්ලේන් එකේ නැඟලා ලස්සනට යන හීනයක් තමයි මගේ තිබුණේ. ඒත්... ඉගෙන ගන්න කාලේදීම මම මනාලියක් විදිහට කීපවතාවක්ම හැඩගැන්විලා තිබුණා... ඊට පස්සේ අර ගුවන් සේවිකාවකගේ හීනය මගෙන් අතහැරිලා මම නිරූපණ ක්ෂේත්‍රයට යොමුවුණා.

මේ දවස්වල බොහෝ කතාබහට ලක්වුණු මියුසික් වීඩියෝ එකත් තමයි ආශාවරී ඒ අවස්ථාව ඕෂධීට ලැබුණේ කොහොමද?

ඔව්.... ආශාවරී එකට මට කතා කළේ ප්‍රියංග අයියා. ඒ වෙනකොට ප්‍රියංග අයියව මම පෞද්ගලිකව දැනගෙන හිටියෙ නෑ. ඒත් අපි FB එකෙන් කාලයක් තිස්සේ හොඳ යාළුවෝ. ඉතින්... ප්‍රියංග අයියා මේ විෂුවල් එකට කතා කරද්දි මම හරිම ආසාවෙන් විෂුවල් එක බාරගත්තා.

විෂුවල් එකේ පිටපත බලන්නේම නැතිවද බාරගත්තේ.... නැත්නම් දැනගෙනද බාර ගත්තේ.

නෑ... මම එහෙම එකපාරටම කැමැති වුණේ නෑ... ආශාවරී එකේ පොඩි පොඩි වෙනස්කම් කීපයක්ම තියෙනවා. බොහෝ දෙනා මේ විෂුවල් එක ගැන කතා කළේ මේකේ ඇඳුම නිසයි. මෙහෙම ඇඳුමක් ඇඳගෙන මම විෂුවල් එකක් කරපු පළමු අවස්ථාව මේකයි.

ඊට පස්සේ...

ඊට පස්සේ මම මුලින්ම කළේ මගේ සැමියාත් එක්ක මේ ගැන කතා කරපු එකයි. එයාත් එකපාරටම කැමැති වුණේ නෑ. ඊට පස්සේ අපි දෙන්නයි ප්‍රියංග අයියයි මේ ගැන කතාබහ කළා. ඊට පස්සෙ මිනිස්සුන්ට පණිවිඩයක් දෙන වීඩියෝ එකක් මේක. ඒ නිසා මම මේක බාරගත්තා.

මෙවැනි විෂුවල් එකකින් ඔයාගේ ප්‍රතිරූපය බිඳ වැටෙයි කියලා හිතුණේ නැද්ද....

නෑ.... මේක නිසා මගේ ජනප්‍රියත්වය වැඩිවුණා මිසක් අඩුවුණේ නෑ. සමහර අය විෂුවල් එක නරක පැත්තට තේරුම් අරගෙන ඉන්නවා... ඒත්... මම වෘත්තීමය නිරූපණ ශිල්පිනියක්. ඉතින් වෘත්තිමය නිරූපණ ශිල්පිනියක් නම් පිටරට තරගයකට ලංකාව නියෝජනය කරනවා නම්... බිකිනි එක කියන දේ අනිවාර්යයෙන් අඳින්න වෙනවා.

ඒ කියන්නේ යට ඇඳුමෙන් වුණත් රඟපෑම අවුලක් නෑ කියන තැනද ඔබ ඉන්නේ?

මම විෂුවල් එකේ ඇඳලා ඉන්නේ ස්පෝට් බ්‍රා එකක්. ඉතින්... නිරූපණ ශිල්පිනියක් වුණාම ඔය ඇඳුම් අඳින්න වෙනවා. නිරූපණ ශිල්පීන්ට ඔය ඇඳුම ලොකු දෙයක් වෙන්නේ නෑ. ඒත්.... ලංකවේ සමහර මිනිස්සු මේ දේවල් දකින විදිහ වෙනස්. හැබැයි වීඩියෝ එකේ මම නරක දෙයක් දකින්නේ නෑ.

ඕෂධී.... මිනිසුන්ට රහසක් නොවන රහසක් ඒ කියන්නේ කොණ්ඩම් එකක් ඇතුළත් දර්ශනයක් මේ වීඩියෝ එකේ එළිපිට පෙන්නනවා....

බොහෝ අය මේ දේවල් හැංගි හොරා පාවිච්චි කළාට එළිපිට කතා කරන්න බයයිනේ. මම දන්නේ නෑ ඊට හේතුව මොකක්ද කියලා. බොහෝම සීමිත පිරිසක් තමයි මේ විෂුවල් එකෙන් දෙන ධනාත්මක පණිවිඩය ගැන හිතන්නේ.

රූගත කිරීම් කළාට පස්සේ මේ විෂුවල් එක මුලින්ම දකිද්දී ඕෂධීට මොකද හිතුණේ....

රූගත කිරීම් කරලා දවස් දෙකකින් තුනකින් අපි මේක සංස්කරණය කළා. කිසිම විෂුවල් එකක් මම එඩිට් කරද්දී බලන්න යන්නෙ නෑ. ඒත්... මේ ආශාවරී එඩිට් කරද්දී නම් මම ළඟ ඉඳන්ම බල බලා තමයි සංස්කරණය කළේ. ඉතින් මගේ අදහසුත් එක්ක තමයි මේ විෂුවල් එක කළේ. ඒ නිසා අද වෙද්දී ආශාවරී ගැන මට තියෙන්නේ සතුටක් මිසක් කලකිරීමක් නෙමේ.

බොහෝ දෙනා ආශාවරී බලනවනේ... මොකද හිතෙන්නේ?

ලංකාවේ මිනිස්සු බැණ බැණම... වැරදි කිය කියාම ඒ දේම බලන එක ගැන තියෙන්නේ ලොකු සතුටක්.

නිරූපණ ශිල්පිනියක් විදිහට ඕනෑම ඇඳුමක් අැන්දට කමක් නැහැ කියලා ඕෂධී කිව්වා. රංගන ශිල්පිනියක් විදිහට නිරුවතින් වුණත් රඟපාන්න ඔට්ටුද?

ඕනෑම දෙයක් මට කතා කරද්දි මම දෙපාරක් නෙමෙයි... දහපාරක්ම හිතන කෙනෙක්. ඒක එදත් එහෙමයි... අදත් එහෙමයි... හෙටත් එහෙමයි.... ෆිල්ම් එකකට ආරාධනා කරද්දීත් ඒ ෆිල්ම් එකෙන් මිනිසුන්ට ගන්න දෙයක් තියෙනවා නම් සහ ඒ ෆිල්ම් එකෙන් මටත් දෙයක් ගන්න පුළුවන් නම් ඒක හොඳ වැඩක්නම් අනිවාර්යයෙන්ම මම දෙපාරක් තුන්පාරක් හිතලා ඒ දේ බාර ගන්නවා. එහෙම නැතිව ලැබෙන හැම දෙයක්ම මම බාර ගන්නේ නෑ....

ඇත්තටම නිරූපණ ශිල්පිනියක් විදිහට කරන කියන දේවල් පවුල් ජීවිතේට ප්‍රශ්නයක් නෙවේද?

මම මේ ක්ෂේත්‍රයට ආවේ විවාහ වුණාට පස්සෙයි. එයාට මම ගැන ලොකු අවබෝධයක් ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින්... මේ රටේ මිනිස්සු මොනවා කිව්වත් අමිත්ට මාව විශ්වාසයි.

උපුටා ගැනීම - දේශය පුවත්පතින්

No comments:

Post a Comment

Post Bottom Ad