කොම්පඤ්ඤවීදියේ අක්කර අටක් විදෙස් සමාගමකට දෙයි.. කැබිනෙට්ටුවේ අනුමතයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 29, 2017

කොම්පඤ්ඤවීදියේ අක්කර අටක් විදෙස් සමාගමකට දෙයි.. කැබිනෙට්ටුවේ අනුමතයි..

කොම්පඤ්ඤවීදියේ පිහිටි අක්කර අටක ඉඩමක් මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට විදේශ ආයෝජනයක් ඇති පුද්ගලික සමාගමකට බදු සහන සහිතව පවරා දීමට ආණ්ඩුව තීරණය කර ඇත.

මේ සදහා වූ අති විශේෂ ගැසට් පත‍්‍රය සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙද ඇමති මලික් සමරවික‍්‍රම මහතා වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ඇමැති ගයන්ත කරුණාතිලක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

කලම්බු ප්‍රොජෙක්ට් (ප‍්‍රයිවට්) ලිමිටඞ් නම් සමාගමට මෙම ඉඩම පවරන්නේ ඩොලර් මිලියන 429.5 (රුපියල් මිලියන 64425) ක මුදලකටයි. මේ සදහා ඇමති මණ්ඩල අනුමැතියද ලැබී ඇති බව ගැසට් නිවේදනයේ දැක්වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad