පාලන මිල සීමා ගැසට් පත‍්‍ර දෙවරක් බොරු වෙයි.. බඩු මිල අහස උසට… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 29, 2017

පාලන මිල සීමා ගැසට් පත‍්‍ර දෙවරක් බොරු වෙයි.. බඩු මිල අහස උසට…

නැවත වරක් පාලන මිල සීමා ගැසට් නොකර භාණ්ඩ මිල අඩු කිරීම යථාර්තයක් බවට පත් කරන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටී.

එම සංවිධානය විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

භාණ්ඩ මිල අඩු කිරීම යථාර්තයක් බවට පත් කරන්න.

2016 ජූලි 14 දින නිකුත් කරන ලද  ගැසට් පත්‍රයට මගින් පාලන මිලක් ප්‍රකාශ කරන ලද භාණ්ඩ 6 ක මිල 2017 ජනවාරි 27 දින අංක 2003/44 දරණ ගැසට් පත්‍රයට මගින් තවදුරටත් අඩු කරන ලදී.

ඒ අනුව,

2016 ගැසට් පත්‍රයට අනුව        2017 ගැසට් පත්‍රයට අනුව

මයිසූර් පරිප්පු                              රු.169/=                                  රු.159/=

වියලි හාල්මැස්සන්
( ආනයනික -තායිලන්ත)           රු.495/=                                    රු.490/=

වියලි හාල්මැස්සන්
( ආනයනික- ඩුබායි)                  රු.410/=                                    රු.405/=

මුං ඇට                                       රු.205/=                                    රු. 220/=

සුදු සීනි                                      රු.95/=                                      රු. 93/=

අර්තාපල් (ආනයනික)              රු.120/=                                    රු.115/=

මිල සංශෝධනය වේ.

එහෙත් ප්‍රායෝගිකව මෙම මිල ගණන් වලට භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට නොහැකිව ඇත. අද වන විට සිනි කිලෝ එකක් අලෙවි වන්නේ රු. 100/= යත් 110/= කත් මිලකටය. හාල් මැස්සන් රු. 600/= – රු.800/= යත් අතර වේ. මයිසූර් පරිප්පු රු. 180/= – 190 කි. ඒ අනුව 2016 දී  සංශෝධිත මිල ගණන් වෙළදපොල තුල ක්‍රියාත්මක නැතුව තිබියදී 2017 ජනවාරි මස 27 වන දින අදාල භාණ්ඩ තවත් අඩු කිරීම හාස්‍යජනකය.

එසේ අඩු කිරීම තුළ නීතිය හෑල්ලුවකට ලක්වීමක් සිදු වන අතර එමගින් පාරිභොගිකයා හා වෙළෙන්දා අතර ගැටුමක් නිර්මාණය කරයි. මෙම මිල වෙළදපොල තුල ක්‍රියාත්මක කරවීම සදහා විධිමත් යාන්ත්‍රණයක්ද නොමැත. පාරිභෝගික අධිකාරිය තිබුන ද ඔවුන් බලවත් පාර්ශව ඉදිරියේ ඔවුන් නිහඩය. මෙරට සමස්ත පාරිභෝගිකයන් වෙනුවෙන් අප ඉල්ලා සිටින්නේ රජය විසින් පනවන ලද පාලන මිල ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරිම සදහා නිසි යාන්ත්‍රණයක් ඇති කරන ලෙසය.

ස්තුතියි“මෙයට
රංජිත් විතානගේ
සභාපති


 
 

No comments:

Post a Comment

Post Bottom Ad