මිග් යානා ගණුදෙනු ගැන පරීක්‍ෂණයෙන් ගෝටාභයගේ දේශපේ‍්‍රමය හෙලිවෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 29, 2017

මිග් යානා ගණුදෙනු ගැන පරීක්‍ෂණයෙන් ගෝටාභයගේ දේශපේ‍්‍රමය හෙලිවෙයි..

සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරීමෙි අරමුණ පෙරදැරිව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සංකල්පයක් මත සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මෙහෙයවන “සුවසර සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල උඩුගම මහ විද්‍යාලයේ දී පැවැත්විනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“සෞඛ්‍ය සායන මගින් රෝග හදුනා ගන්න පුළුවන්. කළින් රෝග හදුනා ගැනීමෙන් ප්‍රතිකාර කිරිම පහසු වෙනවා. නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා පෙරළිකාර දේශපාලන චරිතයක්. පෙරළිකාර ප්‍රකාශ නිකුත් කරනවා. උගත්කම, කීර්තිය තිබුනත් ඇතැම් දේශපාලනඥයින්ට ජනතාව තුල දිර්ඝ කාලයක් රැදී සිටිමට අපහසුයි.

ජනතාව ඉතා අමාරුවෙන් ජීවත්වන බව මහා සංඝරත්නය මෙහිදී ප්‍රකාශ කළා. හැමදාම රජයක් බිහි වූ පසු ජිවන වියදම වැඩියි කියා ජනතාව ප්‍රකාශ කරනවා. ජනතාවට මතක බඩු මිල වැඩිවීම විතරයි. අඩුවීම මතක නැහැ. වත්මන් රජය බලයට පත්වන විට පෙට්ට්‍රල් ලීටරයක් අලෙවි වූයේ රුපියල් 165 කටයි. එය රුපියල් 117 දක්වා අපි අඩු කළා. ලෝක වෙළෙදපොලේ බොරතෙල් මිල වැඩිවී තිබුන ද අපි ඉන්දන මිල වැඩි කරන්නේ නැහැ. භූමිතෙල් මිල රුපියල් 55 දක්වා අඩු කළා. 


ගෑස් මිල ඇතුලු අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩුකර තිඛෙනවා. රජයේ සේවක වැටුප රුපියල් 10,000 කින් වැඩි කළ අතර, විශ්‍රාම වැටුප, සමෘද්ධි දිමනා ඇතුලු සෑම ක්ෂේත්‍රයකම වර්ධක ලබාදුන්නා. අද මාධ්‍ය නිදහස ලබාදී තිඛෙනවා. කතෘවරුන්ට කවුරුවත් ප්‍රහාර එල්ල කරන්නේ නැහැ. ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍යවරුන්ට පරිභව කිරීමට අවස්ථාව උදාවී තිඛෙනවා. නාවික හමුදාපතිවරයා මාධ්‍යෙවිදියෙතුට ප්‍රහාරයක් එල්ල කළ කියලා පසුගියදා විවෙිචන තිබුනා.

මීට පෙර සිටි නාවික හමුදාපතිවරයෙක් තරුණයන් අතුරුදන් කළා. ඒ ගැන කවුරුවත් කථා කලේ නැහැ. 2015 ජනවාරි 08 වන විට සියළුම විද්්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සිටියේ රාජපක්ෂලා සමගයි. එක්සත් ජාතික පක්ෂය ධනපතීන්ගේ පක්ෂය වුනත් ධනපතියන් හිටියෙත් රාජපක්ෂලා සමගයි. වත්මන් රජයේ ඇතැම් අමාත්‍යවරුන්ට එය අද අමතක වෙලා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග ව්‍යාපාරික කටයුතු කළ ඇතැම් ව්‍යාපාරිකයින් සමග වත්මන් රජයේ ඇතැම් අමාත්‍යවරුන් ව්‍යාපාර කටයුතු වල නිරත වෙනවා

2020 මැතිවරණයට අපි සුදානම්. විපක්ෂය අපි බියගන්වන්නේ නැහැ. බලෙන් ඡන්දය ගන්නෙත් නැහැ. ජනතාවගේ ආදරය සමග රජය බිහිවිය යුතුයි. වර්තමානයේ රුපියල් කෝටි 1000 ක බැදුම්කර වංචාවක් ගැන කථා කරනවා. නමුත් පසුගිය කාලයේ රුපියල් කෝටි 33000 ක වංචා ගැන කෝප් කමිටු වාර්තා මගින් හෙළිකර තිඛෙනවා. නමුත් සත 33 ක වංචාවක් ගැනවත් පසුගිය කාලයේ පරීක්ෂණ කළේ නැහැ. රුපියල් කෝටි 1000 ක බැදුම්කර වංචාව ගැන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙන වෙනම විමර්ශණයක් කරනවා. 


එම විමර්ශණ වලින් වැරදිකරුවන් ඔප්පු වුවහොත් දඩුවම් ලබාදෙනවා. කිසියම් පුද්ගලයෙකු වැරදි කරනකොට නිවැරදි කිරීම රජයේ වගකීමයි. නව ව්‍යවස්ථාවෙන් ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා. දුෂණ වංචා පිළිබදව පසුගිය රජය සමයේ පරීක්ෂණ සිදුකළ ආකාරයට නොවෙයි වර්තමානයේ පරික්ෂණ සිදු වන්නේ. නීතියට අනුව තමයි පරීක්ෂණ සිදුවන්නේ. වැරදිකරුවන්ට දඩුවම් ලබාදෙනවා. මිග් ප්‍රහාරක යානා ගනුදෙනු පරික්ෂණ නිමවන විට හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ දේශප්‍රේමිත්වය පිළිබදව රටටම කරුණු දැනගන්න පුළුවන්. එවිට ජනතාවට දේශපාලන තත්ත්වය අවබෝධ කරගන්න පුළුවන් කියලා මම හිතනවා.”

මෙහිදී ශිෂ්‍යත්වය සමත් දරුවන්ට පාසල් උපකරණ පරිත්‍යාග කිරීමක් ද සිදු විය.

– නිපුන් ඒකනායක


 

No comments:

Post a Comment

Post Bottom Ad