රාජිත ජනපතිටත් උඩින් යයි.. ජනපතිත් කී දේ බොරු කියා කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 27, 2017

රාජිත ජනපතිටත් උඩින් යයි.. ජනපතිත් කී දේ බොරු කියා කියයි..

සමලිංගික සේවනය හා ගණිකා වෘත්තිය නීතිගත කිරීම සදහා කැබිනට් මණ්ඩලයට ආ යෝජනා තමන් විසින් විසි කර දැමූ බවට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැහැදිලිවම ප‍්‍රකාශ කර තිබියදී ඇමති රාජිත සේනාරත්න මහතා පවසන්නේ එවන් යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොවූ බවයි.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද මානව හිමිකම් වාර්තාවේ සදහන් වූ ‘ලිංගික අනන්‍යතාව’ යන වචනය පමණක් ගැටලුවක් වූ නිසා එය ඉවත් කළ බවයි. ලිංගික අනන්‍යතාව යන වචනය විවිධ ලිංගික ක්‍රමවේදයන්ට අයිතිය ඉල්ලා අර්ත ගැන්විය හැති බවද පවසන ඇමතිවරයා සමලිංගික හෝ ගණිකා වෘත්තිය ගැන කිසිදු සදහනක් එහි නොවූ බවද කියා සිටී. ඇමතිවරයා මේ අදහස් පල කලේ පාර්ලිමේන්තුවේදී විමසන ලද ප‍්‍රශ්නයකට පිලිතුරු ලෙසයි.

ප‍්‍රශ්නය විමසූ පියල් නිශාන්ත මන්ත‍්‍රීවරයා ඉන් පසු නැවත ඇමතිවරයාගෙන් විමසා සිටියේ සමලිංගික සේවනය හා ගණිකා වෘත්තිය නීතිගත කිරීමට ගෙන ආ පනත් තමන් විසින් විසි කර දැමූ බවට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පැහැදිලිවම කියා තිබෙන බවත් එසේනම් ඇමති රාජිතගේ ප‍්‍රකාශය අනුව ජනාධිපතිවරයා කියන්නේ බොරුද කියායි

No comments:

Post a Comment

Post Bottom Ad