ආණ්‌ඩුකාරවරුන්ගේ බලතල කප්පාදුවට උතුරෙන් යෝජනාවක්‌ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 16, 2016

ආණ්‌ඩුකාරවරුන්ගේ බලතල කප්පාදුවට උතුරෙන් යෝජනාවක්‌

ආණ්‌ඩුකාරවරුන්ගේ බලතල කප්පාදුවට උතුරෙන් යෝජනාවක්‌

පළාත් ආණ්‌ඩුකාරවරුන්ගේ විධායක බලතල සම්පූර්ණයෙන්ම කප්පාදු කළ යුතු බව උතුරු පළාත් සභාව යෝජනාකර ඇතැයි වාර්තා වේ.

එමෙන්ම පළාත් ආණ්‌ඩුකාරවරයා නාමික තනතුරක්‌ විය යුතු බවටද උතුරු පළාත් සභාව විසින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මණ්‌ඩලයට යෝජනාවක්‌ ඉදිරිපත් කර තිබේ. පළාත් සභාව තුළ විධායක බලතල ක්‍රියාත්මක කිරීමට අවස්‌ථාවක්‌ නොමැති බවද උතුරු පළාත් සභාව විසින් කර ඇති එම යෝජනාවේ සඳහන්ව තිබේ.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මණ්‌ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් පාර්ලිමේන්තුව හා පළාත් සභා අතර ඇති සබඳතා පිළිබඳ සොයා බැලීමට පත්කළ තත්කාර්ය අනුකමිටුව පසුගියදා ඉදිරිපත් කළ වාර්තාවේ මේ බව සඳහන් වේ.

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කිරීමේදී පළාත් ආණ්‌ඩුකාර තනතුර නාමික තනතුරක්‌ ලෙස වගන්තියක්‌ ඇතුළත් කරන ලෙසට උතුරු පළාත් සභාව ඉල්ලා සිටියද සෙසු පළාත් සභා යෝජනා කර තිබෙන්නේ වර්තමාන ව්‍යවස්‌ථාවේ ප්‍රකාරව පළාත් ආණ්‌ඩුකාරවරයාගේ බලතල ක්‍රියාත්මක විය යුතු බවයි. 

වර්තමාන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව පළාත් සභාවට පැනවිය හැකි ප්‍රඥප්ති පිළිබඳ කරුණුවලට පමණක්‌ ආණ්‌ඩුකාරවරයාගේ විධායක බලතල සීමාවේ. පළාත් ඇමැති මණ්‌ඩලයේ උපදෙස්‌ මත සහ ආණ්‌ඩුකාරවරයාගේ අභිමතය මත විධායක බලතල ක්‍රියාත්මක කිරීමේ හැකියාව දැනට පවතී.

කෙසේ වෙතත් වර්තමාන ව්‍යවස්‌ථාවට අනුව පළාත් ඇමැතිවරුන්ගේ උපදෙස්‌වලට පරිබාහිරව ආණ්‌ඩුකාරවරයා විධායක බලතල ක්‍රියාත්මක කරන්නේ නම් ඒ ජනාධිපතිවරයාගේ උපදෙස්‌ මත විය යුතුය. නැතිනම් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ නිශ්චය කර ඇති කරුණුවලට පමණක්‌ සීමා විය යුතුය.

උතුරු පළාත් සභාව කප්පාදු කරන ලෙස ඉල්ලා සිටින්නේ ආණ්‌ඩුකාරවරයා සතු මෙම බලතලය.

 

No comments:

Post a Comment

Post Bottom Ad