හිටපු අගමැතිගේ ඡායාරූපය පළ කළැයි පුත්‍රයාගෙන් දොස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 24, 2016

හිටපු අගමැතිගේ ඡායාරූපය පළ කළැයි පුත්‍රයාගෙන් දොස්

හිටපු අගමැතිගේ ඡායාරූපය පළ කළැයි පුත්‍රයාගෙන් දොස්
රෝහල්ගතව සිටින හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාට සුවය ලබා දින කිහිපයක් රෝහලෙන් නික්ම යෑමට හැකි බව වෛද්‍යවරු ප්‍රකාශ කර තිබියදී හිටපු අගමැතිවරයාගේ ඡායාරූප මාධ්‍යට මුදාහැර පළ කිරීමෙන් තමන් ඇතුළු පවුලේ අයත්, එතුමාගේ හිතවතුන් දැඩි මානසික අපහසුතාවකට ලක්වූ බව රත්නසිරි වික්‍රමනායක මහතාගේ පුත්, පාර්ලිමේන්තු මන්ත්‍රි විදුර වික්‍රමනායක පවසයි.

විවිධ තරාතිරමේ අය එතුමන්ව බැලීමට රෝහලට පැමිණි බවත් හිටපු අගමැති දි.මු. ජයරත්න මහතා එතුමා බැලීමට ගොස් ඒ අවස්ථාවේ ලබාගත් ඡායාරූප මාධ්‍යට නිකුත් කිරීමෙන් පසු එතුමන්ට ආදරය කරන විශාල පිරිසක් තොරතුරු විමසීමට පටන් ගැනීම නිසා තමාත් තම පවුලේ අයත් මහත් අපහසුතාවට පත්වූ බවද වික්‍රමනායක මහතා සඳහන් කරයි.

එය අප කාගේත් සිත් රිදවන ක්‍රියාවක් බවත් රෝගීව සිටින අයකු කිසිදු අවසරයකින් තොරව ඡායාරූප ගැනීමත් ඒවා මාධ්‍යට නිකුත් කිරීමත් සදාචාර විරෝධී ක්‍රියාවක් බවත් හොරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී අවධාරණය කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad