රජය විසින් ගෙන ඒමට නියමිත සංවර්ධන (විශේෂ විධිවිධාන) පනතේ ඇතැම් කරුණු සංශෝධනය කිරීමට පළාත් මහ ඇමතිවරුන්ගේ හමුවේදී අගමැති රනිල් වික්රමසිංහ මහතා එකඟ වී තිබේ.
එම පනත පිළිබඳව දැනුවත් කිරීමට අගමැතිවරයා ඊයේ (23) සියලුම පළාත් මහ ඇමැතිවරුන් අරලියගහ මන්දිරයට කැඳවා තිබිණි. අදාළ පනත මගින් සුපරි ඇමැතිවරයකු බිහි නොකරන බවත් සංවර්ධන මණ්ඩලයක් ඇති කිරීම මෙම පනතින් සිදු කරන බවත් අගමැතිවරයා එහිදී ප්රකාශ කර තිබේ.
පළාත් සභා සතු බලතල පනතින් උදුරා නොගන්නා බවත් සංවර්ධන කාර්යයන්වලදී පළාත් සභාවන්හි මතය විමසා අනුමැතිය ලබා ගන්නා බවත් අගමැතිවරයා සඳහන් කර ඇති අතර පනත සම්බන්ධව පළාත් සභා මහඇමැතිවරුන් දැක්වූ කරුණු පිළිබඳව අගමැති වික්රමසිංහ මහතා සිය අවධානය යොමු කර ඇත.
මෙම පනත පිළිබඳව ඉදිරි දිනකදී පළාත් සභාවන්හි අදහස් ලබා දෙන ලෙසද හෙතෙම එහිදී මහ ඇමැතිවරුන්ගෙන් ඉල්ලා තිබේ. බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්රිය, දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා, ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් බණ්ඩාර සහ නැගෙනහිර පළාත් මහ ඇමැති නසීර් අහමඩ් යන මහත්වරු අගමැති රනිල් වික්රමසිංහ මහතා සමග මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

No comments:
Post a Comment