ඉතිහාසගත නඩු තීන්දුවක්: රවිරාජ් ඝාතනයේ විත්තිකරුවෝ නිදොස්කොට නිදහස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 24, 2016

ඉතිහාසගත නඩු තීන්දුවක්: රවිරාජ් ඝාතනයේ විත්තිකරුවෝ නිදොස්කොට නිදහස්

ඉතිහාසගත නඩු තීන්දුවක්: රවිරාජ් ඝාතනයේ විත්තිකරුවෝ නිදොස්කොට නිදහස්
පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා හා ඔහුගේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටි නාවික හමුදා බුද්ධි අංශයේ හිටපු නිලධාරීන් තිදෙනා ඇතුළු විත්තිකරුවන් පස්දෙනා සියලු චෝදනාවන්ගෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍ය තිලක මහතා අද (24) අළුයම 12.25 පමණ නියෝග කළේය.

ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට විශේෂ ජූරි සභාවක් හමුවේ විභාගයට ගැනුණු මෙම නඩුවේ ජූරි සභිකයන් හත් දෙනාගේ ඒකමතික තීරණය අනුව විත්තිකරුවන් තිදෙනා මෙසේ නිදොස් කොට නිදහස් කෙරිණි.

නාවික හමුදාවේ හිටපු ලුතිනන්වරයෙකු වූ හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ ප්‍රසාද් චන්දන කුමාර, හිටපු නාවික නැවි දැලිවල ගෙදර ගාමිණී සෙනවිරත්න, නාවික හමුදා ජ්‍යෙෂ්ඨ බල නොලත් නිලධාරී කංකානම්ලාගේ ප්‍රදීප් චාමින්ද, සිවකාන්තන් විවේකානන්දන් හා සේබියන් රොයිස්ටන් ථූසේන් යන විත්තිකරුවන් පස්දෙනා මෙසේ නිදොස් කොට නිදහස් කෙරිනි. දිනපතා විභාගයට ගත් නඩුවක මධ්‍යම රාත්‍රිය ඉක්මවා තීන්දුවක් ප්‍රකාශයට පත්කළ ලංකා ඉතිහාසයේ ප්‍රථම නඩුව මෙය වේ.

ජූරි සභිකයන් විසින් මෙම විත්තිකරුවන් පස්දෙනා ඔවුන්ට එරෙහිව නඟා ඇති චෝදනාවන්ට ඔවුන් නිවැරැදිකරුවන් බව මධ්‍යම රාත්‍රී 12ට සිය තීරණය විනිසුරුවරයාට දන්වමින් සඳහන් කළේය. 

No comments:

Post a Comment

Post Bottom Ad