මෙවර නත්තල් දිනය වෙනුවෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන නිකුත් කළ පණිවිඩය මෙසේය.
මානව පරිණාමයේ මිනිසා ලද සුවිශේෂ ජයග්‍රහණ අතර ඔහුගේ ආගමික ප්‍රවේශය අන්සියලූ ජයග්රහණයන් අභිබවා සිටී. මිනිසා අන්‍යයන් කෙරෙහි දයාර්ද්‍ර වීමට මෙන්ම අන්‍යයන්ගේ අයිතීන් පිළිබඳව ගැඹුරින් සිතන්නට වන්නේ ඔහුගේ විශ්වාසය මත පදනම් වූ ආගමික නැඹුරුව ඔස්සේය. වසර දෙදහස් ගණනකට පෙර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපත ලබන්නේ ද අවිචාරය, සැහැසිබව සහ කෲරත්වය පිරුණු සමයකය.
එදවස දිළිඟු ගව ලෙනක් කේන්ද්‍ර කරගනිමින් ගලාගිය නව ආගමික දැක්මක ආලෝකය නැකැත් තරුවක රුවින් එදා මෙදා තුර මානව උදාරත්වයේ තවත් මග සලකුණක්ව දිදුළයි.
සමස්ත ලෝකවාසී කිතුණු බැතිමතුන්, විශ්වීය මංගල්‍යයක් ලෙසින් සමරනු ලබන නත්තල තුළ තෙපුල් නගනුයේ මහා දයාවේ ළබැඟි රිද්මයයි. එදවස බලයෙන් උමතු වූ හෙරෝද් වැනි රජවරුන් ඉතිහාසය තුළම රඟවා සහජීවනයේත් සමාජමය යහසාධනයේත් පණිවුඩය ලොවට රැගෙන ආ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සදාතනික පූජනීයත්වයට ඔසවා තබනුයේ යහපත වන්දනීය ලෙස සලකන ලෝකවාසී ජනතාවයි.
සියල්ලන් කෙරෙහි පේ‍්‍රමය දායාද කරමින් නත්තලේ සැබෑ පණිවුඩය වන සාමය, සතුට සහ දයාවෙන් මනුසත්බව පැහැබර කරන්නාවූ තවත් උත්කර්ෂවත් නත්තලකට සියලූ කිතුණු බැතිමතුන් වෙත ශුභාශිංසන පිරිනමමි.
සැමට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා
No comments:
Post a Comment