ඩීඑස් සිසුවාගේ සිද්ධිය පිළිගෙන
විශ‍්‍රාමික මේජර් ජනරාල් සාමදාන වෙලා
පසුගියදා ආන්දෝලනයක් ඇති කළ විශ‍්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න විසින් කොළඹ ඞීඑස් සේනානායක විද්‍යාලයේ සිසුවෙකු විභාගය අවසන්ව සිටි අවස්ථාවක ඔහු වෙත පැමිණ තර්ජනය කර පහරදීමේ සිද්ධිය දෙපාර්ශ්වය පැමිණ පොලිසියේදී සාමදාන කරගත් බව
වාර්තා වෙයි.
විශ‍්‍රාමික මේජර් ජනරාල් වරයාගේ ඥාති පුතෙක් වෙනුවෙන් ඔහු පෙනී සිටිමින් සිසුවා වෙත පැමිණ මෙකී බලපෑම සිදු කර ඇති බවට එම සිසුවා විභාගය අවසන්වූ පසුව 17 වනදා කුරුඳුවත්ත පොලිසියට ගොස් පොලිස් පැමිණිල්ලක් සිදු කර තිබුන අතර ඊට පෙර මාධ්‍ය ඔස්සේ කරුණු ප‍්‍රචාරය වෙද්දී මාධ්‍ය අමතා විශ‍්‍රාමික මේජර් ජනරාල්වරයා දන්වා සිටියේ මෙය මුසාවක් බවත් තමා හමුදා සේවය තුළදීවත් කිසිවෙකුට පහරදී නැති බවත් තමා විදේශගතව සිටි කාලයක වූවායයි කියන මේ කතාවම ප‍්‍රබන්ධයක් බවයි.
කෙසේ වෙතත් පොලිසිය අදාළ පැමිණිල්ල වෙනුවෙන් විශ‍්‍රාමික මේජර් ජනරාල්වරයාගෙන් සාක්ෂි විමසූ අතර පසුගිය 21 වනදා ඔහුට සහ පැමිණිලි පාර්ශ්වයට පොලිසියට පැමිණෙන ලෙස දන්වා තිබුණි.
ඒ අනුව මව සමග පැමිණි සිසුවා ඉදිරියේ විශ‍්‍රාමික මේජර් ජනරාල්වරයා තමා එදින පාසලට පැමිණි බව පිළිගෙන ඇත.(ඔහු විදේශ ගතව සිට ලංකාවට පැමිණ ඇත්තේ 12 වනදාය. සිද්ධිය වූයේ 14 වනදාය)තමා එදා එසේ ආවේ නැගණියගේ ඉල්ලීම නිසා බවද දන්වා ඇත.
කෙසේ වෙතත් තමා කළ ක‍්‍රියාව ගැන සිත් නොරිදවාගන්නා ලෙස දන්වා විශ‍්‍රාමික මේජර් ජනරාල්වරයා සිසුවා සමග සාමදානයකට එලැඹ ඇති අතර පසුව සිද්ධිය වැඩිදුර නොයවන්නට පැමිණිල්ල ඉල්ලා අස්කරවාගන්නටද කටයුතු කර තිබේ.
No comments:
Post a Comment