එළිවෙනකං නඩු අහලා රවිරාජ් මැරුවයි සැක අය නිදහස් කරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 24, 2016

එළිවෙනකං නඩු අහලා රවිරාජ් මැරුවයි සැක අය නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ සියලු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට ජූරියේ ඒකමතික තීරණය අනුව කොළඹ මහාධිකරණය ඊයේ මධ්‍යම රාත්‍රියේදී තීන්දු කර තිබේ.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා චෝදනා එල්ල වි තිබු සියලු විත්තිකරුවන්ගේ චෝදනා ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් බව දන්වා නිදහස් කර තිබුනා.

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

නඩරාජා රවිරාජ් මහතා සහ ඔහුගේ ආරක්ෂකයා මීට වසර 10 කට පෙර 2006 වසරේ නොවැම්බර් මස 10වැනිදා ඝාතනයට ලක්වුණේ කොළඹ, නාරාහේන්පිට‍ පාරකදීය. 

සැකකරුවන් 07 දෙනෙකු සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් තරම් සාක්ෂි ඇති බවට නිගමනය වූ නිසා මෙම නඩු විභාගය දිගටම විභාග විය.

2016 සැප්තැම්බර් මස පළමුවැනිදා අධිචෝදනාපත්‍ර භාර දීමෙන් පසුව නිතීපතිවරයා රජයේ සාක්ෂිකරු ලෙස විජේවික්‍රම මනම්පේරිගේ ප්‍රීතිවිරාජ් නම් කළ අතර පසුගිය නොවැම්බර් 22වනදා සිට දින 22ක් නොකඩවා සත්දෙනෙකුගෙන් යුත් විශේෂ ජුරි සභාවක් ඉදිරියේ විභාගය ගැණුනා.

 ඊයේ දිනයේ දී නඩුවේ සාක්ෂි විභාගය අවසන් කරමින් ජූරියේ ඒකමිතික තීරණය අනුව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා චෝදනා එල්ල වි තිබු සියලු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළා. මෙය ඊයේ දවස පුරා විභාගවූ අතර තීන්දුව දෙන විට මධයම රාත්‍රියද ඉක්ම ගොස් තිබුනි.

අධිකරණ නිවාඩුවද නොතකා එය විභාග වී තිබූ අතර ලංකා ඉතිහාසයේ මෙතරම් රෑබෝවී නඩු තීන්දු ලබාදුන් අවස්ථා නොමැති බවද මින් ඉහත බදුල්ලේ නඩුවක් පමණක් රාත්‍රී 10 ට පමණ අවසන්වූ අවස්ථාවක් තිබූ බවද වාර්තාවේ.

No comments:

Post a Comment

Post Bottom Ad