බෞද්ධ මුදුන් මල්කඩ අස්ගිරි, මල්වතු මහනාහිමියන් හමුවී අගමැති දුන් පිළිතුරෙන් මාධ්‍යවේදීන් උඩුකුරුඤ්ඤං..(VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 24, 2016

බෞද්ධ මුදුන් මල්කඩ අස්ගිරි, මල්වතු මහනාහිමියන් හමුවී අගමැති දුන් පිළිතුරෙන් මාධ්‍යවේදීන් උඩුකුරුඤ්ඤං..(VIDEO)

එදා සිංහල රජ දවසේ පටන් සිටි රටේ පාලකයින්ගේ අති මහත් ගෛවරවයටත් වන්දනාමානයටත් ලක් වූ අස්ගිරි හා මල්වතු පාර්ශවයේ මහා නායක හිමිවරුන් යහපත් රාජ්‍ය පාලනකයන් උදෙසා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ලදි.

එදා සිට රාජ්‍ය පාලකයින් අස්ගිරි හා මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය වරින් වර බැහ දකිමින් රාජ්‍ය පාලනය සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගන්නා ලදී.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ චානාරත්න ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රි සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහ දැකීමට ගොස් ඇති අතර උන්වහන්සේලා රටේ සෑම ජනකොටසක්ම ඉතා ඕනෑකමින් බලා සිටින නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඉතා වැදගත් කරුණු රාශියක් අගමැතිවරයා වෙත ඉදිරිපත් කර ඇත.

එහිදි උන්වහන්සේ දෙපලම ඉතා ඕනෑකමින් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේ 1978දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් සහ ඊට පෙර සිට ශ්‍රීලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්ට අනුව ශ්‍රීලංකාව තුල බෞද්ධාගමට හිමි මුල් තැන මෙන්ම බෞද්ධාගම රැක බලා පෝෂණය කිරීම ආණ්ඩුවේ වගකීමඛ් ලෙස සැලකිය යුතු බවත් ශ්‍රී ලංකාව ඒකිය මෙන්ම භෞමික අඛණ්ඩතාවය ආරක්ෂාකරන වගන්තීන්වලට පටහැනිවන සේ කිසිත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අලුතින් එක් නොකරන ලෙසත්ය.

පලාත් සභා සඳහා බලය බෙදීමේදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඉහත මූලික කරුණු හෝ එහි අන්තරයට මෙන්ම දැනට ක්‍රියාත්මක වෙන සමගාමී ලැයිස්තුවන් බැහැරව කිසිදු කරුණක් හෝ සංශෝධනය කිරීමක් නොකළ යුතු බවද උන් වහන්සේලා අවධාරණය කර ඇත.

කෙසේ වෙතත් මහා නායක හිමිවරුන් බැහර දැකීමෙන් අනතුරුව එලියට පැමිණි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය විසින් අසන ලද කරුණුවලට පිලිතුරු දෙමින් ඉතා සරලව පවසා සිටියේ උන්වහන්සේලා තමන්ට බුද්ධං සරනං ගච්චාමි, ධම්මං සරනං ගච්චාමි, සංඝ සරණං ගච්චාමි යයි කියූ බවයි. මහනායක හිමිවරුන් විසින් අගමැතිවරයාට ලබා දුන් යෝජනාව සම්බන්ධයෙන් මාධ්‍ය විමසිමේදි අගමැතිවරයා පැවසුවේ ආවාහම හැමදාම ලියුම් උන්වහන්සේලා ලබා දෙන බවයි.

රටට අතිශයින් වැදගත් වූ කරුණ වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මහ නායක හිමිවරුන්ගේ මතය වැඩක් නැතිවාද, එම කාරණා මහනායක හිමිවරුන්ගේ විෂය පථයට අදාළ නැතිද යයි එහි සිටි මාධ්‍යවේදීන් එකිනෙකා හා විමතිය පල කලහ.



 


උපුටා ගැනීම : ලංකා සී නිවුස්

No comments:

Post a Comment

Post Bottom Ad