නියඟයක් ගැන තොරතුරක් නිසා පිටරටින් සහල් ගෙන්වයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 16, 2016

නියඟයක් ගැන තොරතුරක් නිසා පිටරටින් සහල් ගෙන්වයි

නියඟයක් ගැන තොරතුරක් නිසා පිටරටින් සහල් ගෙන්වයි
ඉදිරියේදී රට තුළ නියඟයක් ඇති විය හැකි බවට ජනාධිපතිවරයාට තොරතුරු ලැබී ඇති බවත්, ඒ සඳහා සූදානම් වීමක් ලෙස සහල් තොගයක් ආනයනය කර ගබඩා කර තබාගැනීම සඳහා පෞද්ගලික අංශය වෙත අවසර ලබාදෙන බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි. 
මුදල් අමාත්‍යාංශයේ ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
 
ඒ අනුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේද අනුමැතිය මත වහාම ක්‍රියාත්මක වන පරිදි මාස එකහමාරක කාලයක් සඳහා අවශ්‍ය සහල් මේ ආකාරයට ආනයනය කර ගබඩා කෙරෙන බව අමාත්‍යවරයා කියා සිටියේය.
 
"ඉදිරියේදී රටේ නියඟයක් ඇති වෙන බවට ජනාධිපතිතුමාට දැනගන්නට ලැබිලා තියෙනවා. ඒ වගේම මාර්තු මාසය වෙනකොට යල කන්නයත් පැමිණෙනවා. ඒ නිසා වගකිවයුතු රජයක් විදියට අපි පෙර සූදානමක් ගනිමින් මේ විදියට මාස එකහමාරක් සඳහා අවශ්‍ය සහල් ආනයනයට පෞද්ගලික අංශයට අවසර ලබාදෙන්න තීරණය කර තිබෙනවා" 
 
"සාමාන්‍යයෙන් අපේ රට තුළ මාසික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් පමණ වෙනවා. මේ විදියට අපි මාස එකහමාරක සහල් තොගයක් ගෙන්වාගෙන තබා ගත්තාම ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වයන්ට මුහුණ දෙන්නට අපට පුළුවන් වෙනවා.
 
මේ සඳහා රජයේ මැදිහත්වීමක් සිදුවෙන්නේ නෑ. සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයට තමයි මේ සඳහා අවස්ථාව ලබාදෙන්නේ. සීනි ගෙන්වනවා වගේ. දැන් රටේ සීනි හිඟයක් නැහැ. ටෙන්ඩර් කැඳවීමක් සිදු කරලා මේ කටයුතු සිදු කිරීමට රජයේ කිසිම අවශ්‍යතාවක් නැහැ"  යැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.
 
විශේෂයෙන්ම මේ හේතු සමගින් ඇති විය හැකි සහල් හිඟයක් වැනි අවස්ථාවකදී කළුකඩ ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලබා නොදීම රජයේ අපේක්ෂාව බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

No comments:

Post a Comment

Post Bottom Ad