පෑලියගොඩ පොලිස් කොට්‌ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ පොලිස් පරීක්‍ෂකවරයකු ජාඇල පිහිටි ළැඟුම් හලකට සුරූපී කාන්තාවක් රැගෙන ආ අවස්‌ථාවේ ළැඟුම්හලේ සේවකයන් සමඟ ඇතිවූ ආරවුලක් මත ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිස් පරීක්‍ෂකවරයා ජාඇල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
ළැඟුම් හලේ කාමරයකට මෙම සුරූපි කාන්තාව රැගෙන ආ පොලිස් පරික්‍ෂකවරයාගෙන් ළැඟුම් හලේ කළමනාකරු ජාතික හැඳුනුම්පත ඉල්ලු අවස්‌තථාවේ දෙපාර්ශ්වය අතර එම බහින් බස්‌වීම ඇතිවී ඇත.
එහිදී කෝප වූ පොලිස් පරීක්‍ෂකවරයා ළැඟුම් හලේ කීප දෙනකුට පහරදී කුඩා ගිනි අවියක් පෙන්වා ඔවුන්ද බිය ගැන්වූ බව පොලිස් පැමිණිල්ලේ සඳහන්වේ. අත්අඩංගුවට ගත් පොලිස් පරීක්‍ෂකවරයා ජාඇල පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි.
රුක්‌මන් පින්තු
Saturday, November 5, 2016
![](https://1.bp.blogspot.com/-7Kd9qaiRHuA/WaEtZyc70TI/AAAAAAAADsA/7WUYBVoY-UwwjdEP3kDFPvH9htN0dDKgQCLcBGAs/s1600/demo-image.jpg)
සුරූපිනියක සමඟ ලැඟුම්හලකට ගිය පෑලියගොඩ පොලිස් නිලධාරියා
Tags
# ආරක්ෂක පුවත්
Share This
![Author Image](http://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHGI0Me-r_Rt7ucmJ6nhwibSKurrw3WH8-sE44qNg5HfySBgymP7FDKhGNz9R3lBOCuzzlyYXHJufqkci-Jj5OaSEnZpwIa9bNsH6QdLAz8ccPFF-EEIiu6UlfcIfnmE4/s113/90031a4f8e812dd2a0028c4b11e9d781.jpeg)
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment