බදුල්ලේ ගින්න ගැන පොලිස් පරීක්ෂණයක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 13, 2016

බදුල්ලේ ගින්න ගැන පොලිස් පරීක්ෂණයක් (VIDEO)

බදුල්ලේ ගින්න ගැන පොලිස් පරීක්ෂණයක් (VIDEO)

බදුල්ල වින්සන් ඩයස් ක්‍රීඩාංගනය අසල පිහිටි කුණු කන්ද ගිනිගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව බදුල්ල පොලීසිය පවසයි. 

පසුගිය 09වන ඉරිදා හටගත් මෙම ගින්න ඊයේ (12) පස්වරුව දක්වා පැවති අතර, ගුවන් හමුදාව, යුද හමුදාව සහ බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළේය.

කෙසේනමුත් එම කුණු කන්දේ ඇතැම් ස්ථනවලින් තවදුරටත් සුළු දුමාරයක් පිටවෙමින් පවතින බව වාර්තා වේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ ගින්න නිවා දැමීමත් සමඟ නගරයෙන් දුමාරය ඉවත්වුවද තවදුරටත් විෂ වායු නගර සීමාව තුළ පැවතිය හැකි බවයි.

මේ අතර, මාවනැල්ල ඓතිහාසික ගඩොල් පාලම අසල තිබූ කුණු කන්දක් ද ඊයේ පස්වරුවේ ගිනිගැනීමට ලක්වූ අතර, මාවනැල්ල නගර සභාවේ ගිනි නිවන රථ යොදා ගෙන ගින්න මැඩපවත්වා තිබේ.

පොලීසිය සැකපළ කරන්නේ කිසියම් පුද්ගලයෙකු විසින් එම කුණු කන්දට ගිනි තබන්නට ඇති බවටයි.

වීඩියෝව පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad