'සංහිඳියාව ඇති කරන අය අතරවත් සංහිඳියාවක් නෑ' - ගම්මන්පිල (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 11, 2016

'සංහිඳියාව ඇති කරන අය අතරවත් සංහිඳියාවක් නෑ' - ගම්මන්පිල (VIDEO)

'සංහිඳියාව ඇති කරන අය අතරවත් සංහිඳියාවක් නෑ' - ගම්මන්පිල (VIDEO)

රට තුළ සංහිඳියාව ගොඩනැගීමට බාධාවක් වී ඇත්තේ ඒ පිළිබඳ කටයුතු කරන ප්‍රධානීන් අතර සංහිඳියාවක් නොමැතිවීම බව පිවිතුරු හෙළ උරුමය පවසයි.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ බව කියා සිටියේ ඊයේ (10) සිය පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා," මේ ආණ්ඩුව මාස 20ක් තටමලා සංහිඳියා වැඩසටහනක් හැදුවා. ඒක හැදුවේ හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා නෝනගේ නායකත්වයෙන් තියෙන සංහිඳියා කාර්යාලයේ. මේ හදපු වැඩසටහන ජනාධිපතිතුමාට පුළුවන් වුණේ නෑ ඇමති මණ්ඩලෙන් අනුමත කරගන්න. මොකද මනෝ ගනේෂන් ඇමතිතුමා විරුද්ධ වුණා. එයා දන්නේ නැතුව චන්ද්‍රිකා නෝනා තනියම වැඩසටහන හදලලු. චන්ද්‍රිකා නෝනා එයාගේ අමාත්‍යංශයට ඇගිලි ගහනවලු. එහෙනම් සංහිදියාවට අද තියෙන ලොකුම බාධාව තමයි සංහිදියා ලොක්කයි, සංහිඳියා ලොක්කියි අතර තියෙන සංහිදියාවක් නැතිකම. " යි පැවසීය.

මේ අතර පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ලක්වූ ඇමතිවරුන්ගේ ගුවන් ගමන් පිළිබඳව ද ගම්මන්පිල මහතා මෙහිදී අදහස් දැක්වීය.

වීඩියෝව පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad