පොලිස් කාන්තාවන්ටත් DIG තනතුරු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 12, 2016

පොලිස් කාන්තාවන්ටත් DIG තනතුරු

පොලිස් කාන්තාවන්ටත් DIG තනතුරු

පොලිස් සේවයේ නිරත නිලධාරිනියන්ටත් නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස්වීම් ලබාදීමට ජාතික පොලිස් කොමිසම වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ආරියදාස කුරේ මහතා ප්‍රකාශ කරයි.

ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ අද (12) පැවති මාධ්‍ය හමුවකදීය.

දැනට පවතින ක්‍රමවේදය අනුව පොලිස් නිලධාරිනියන්ට ලැබෙන අවසාන උසස්වීම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුර බවත්, එම තනතුර පවා හිමිවන්නේ දෙදෙනෙකුට පමණක් බවත් ඔහු සඳහන් කළේය.

එහෙත් පොලිස් සේවය තුළ 11,000කට අධික නිලධාරිනියන් සිටින බැවින් ඔවුන්ට ද ඉහළ තනතුරු දැරීමට අවස්ථාව සලසා දියයුතු බව ඔහු මෙහිදී අවධාරණය කර සිටියේය.

මීට අමතරව කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ ගැටලු විසඳීම සඳහා පළාත් 09 සඳහා සහකාර පොලිස් අධිකාරිවරියන් 09 දෙනෙකු පත් කළ බවද ලේකම්වරයා වැඩිදුරටත් අදහස් දක්විමින් කියාසිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad