වතු කම්කරුවන්ට සහයෝගය දක්වා මඩකලපුවේ උද්ඝෝෂණයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 11, 2016

වතු කම්කරුවන්ට සහයෝගය දක්වා මඩකලපුවේ උද්ඝෝෂණයක්

වතු කම්කරුවන්ට සහයෝගය දක්වා මඩකලපුවේ උද්ඝෝෂණයක්

හැටන්, බගවන්තලාව, නුවරඑළිය ප්‍රදේශවල වතු කම්කරුන් ගෙනයන අඛණ්ඩ උද්ඝෝෂණ ව්‍යාපාරයට සහයෝගය දක්වමින් මඩකලපුව දිස්ත්‍රික්කයේ ද අද (11) දින උද්ඝෝෂණයක් පැවැත්වීය.

මඩකලපුව ගාන්ධි අායතනය ඉදිරිපිටදී පැවැත්වුණු මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබුණේ ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ විසිනි.

ලංකාවේ කම්කරුවන්ගේ අයිතීන් අදුරා ගැනීමට විරෝධයපාමින් ඇති කරන ලද ඊරෝස් ප්‍රජාතන්ත්‍රික පෙරමුණ කියාසිටියේ තම පෙරමුණ අඛණ්ඩව වතුකරයේ ජනතාව වෙනුවෙන් හඬ නඟන බවයි.

වතුකරයේ ජනතාවට සහයෝගය දක්වමින් උතුරු - නැගෙනහිර පළාතේ පළමුවරට පැවැත්වෙන උද්ඝෝෂණ ව්‍යාපාරය මෙය බව වාර්තා වේ.

මෙහිදී ඊරෝස් ප්‍රජාතන්ත්‍රික පෙරමුණේ සභාපති ගුණසිලන් සෞන්ද්‍රරාජන් මහතා ප්‍රකාශ කළේ වතුකරයේ ජනතාවන්ගේ ඉල්ලිම් ඉටුවන තෙක් තමන් උද්ඝෝෂණයේ අඛණ්ඩව නිරත වන බවයි.

මඩකලපුව - ජවුෆර්කාන්

No comments:

Post a Comment

Post Bottom Ad