විමල්ගෙන් අගමැතිට අභියෝගයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 13, 2016

විමල්ගෙන් අගමැතිට අභියෝගයක්

විමල්ගෙන් අගමැතිට අභියෝගයක්

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන දේශපාලන න්‍යාය පත්‍රයන් අනුව ක්‍රියාත්මක වන බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයට වහා පිළිතුරු දෙන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝගයක් එල්ල කර තිබේ.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (13) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියාසිටියේ, "රට පාලනය කරන්නේ අගමැතිරයා බව ජනපති තමන්ගේ කතාවෙන් අවංකවම ඔප්පු කරලා තිබෙනවා. රටේ ජනපතිට බොරු කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බුද්ධි අංශ නිලධාරීන් සිරගත කරගෙන ඉන්නේ වෙන කාගේ හෝ නියෝග මතයි. ජනපති වහෙන් ඔරෝ බසින් මේ කියන්නේ අගමැති ගැනයි. මේවාට පිළිතුරු දෙන ලෙස අගමැතිට අභියෝග කරනවා" ලෙසයි.

No comments:

Post a Comment

Post Bottom Ad