සරසවියෙන් පිටවන සියලු උපාධිධාරීන්ට රජයේ රැකියා - අගමැතිගෙන් උපදෙස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 13, 2016

සරසවියෙන් පිටවන සියලු උපාධිධාරීන්ට රජයේ රැකියා - අගමැතිගෙන් උපදෙස්

සරසවියෙන් පිටවන සියලු උපාධිධාරීන්ට රජයේ රැකියා - අගමැතිගෙන් උපදෙස්

විශ්වවිද්‍යාලවලින් පිටවන උපාධිධාරීන්ට අනිවාර්යයෙන්ම රැකියා හිමිවිය යුතු බවත් ඔවුන් උපාධිය ගෙන රැකියා නොමැතිව නිවසේ සිටිනා කාලය මාස හයකට සීමා විය යුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ (12) අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදී ය.

ඒ අනුව රාජ්‍ය අංශයේ පවතින සියලුම රැකියා පුරප්පාඩු සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි විශ්වවිද්‍යාලවලින් පිටවූ සියලු විෂය ධාරා හැදැරූ උපාධිධාරීන් බඳවා ගන්නා ලෙසද අගමැතිවරයා අදාළ බලධාරීන්ට උපදෙස්‌ දී ඇත.

උපාධිධාරීන්ට රැකියා ලබාදීමට ප්‍රමුඛත්වය දෙන ලෙසත්, ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක්‌ ලබන ජනවාරි මස සිට ක්‍රියාත්මක කරන බවත් අගමැතිවරයා පවසා තිබේ.

උපාධිධාරීන් කුමන හෝ ක්ෂේත්‍රයක රැකියා ලාභීන් විය යුතු බවටත් ඒ සඳහා අවශ්‍ය නිසි පියවර ගත යුතු බවටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉහළ නිලධාරීන්ට උපදෙස්‌ දී ඇත.

 

No comments:

Post a Comment

Post Bottom Ad