විමල් වීරවංශගේ නිවසින් මළ සිරුරක් හමුවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 26, 2016

විමල් වීරවංශගේ නිවසින් මළ සිරුරක් හමුවේ

විමල් වීරවංශගේ නිවසින් 
තරුණයෙකුගේ මළ සිරුරක් හමුවේ

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නිවසින් මළ සිරුරක් හමුව තිබේ. හෝකන්දර මංගල මාවතේ පිහිටි  විමල් වීරවංශ මහතාගේ පෞද්ගලික නිවසේ නතරවී සිටි බව කියන මෙම තරුණයා විමල්ගේ පුතු විභූදි විශ්වජිත් වීරවංශගේ මිතුරෙකු බව කියැවේ. 

වයස අවුරුදු 24ක් වන ළහිරු ජනිත් දිසානයක නැමැති මෙම තරුණයා අද 26 දහවල් 1 ට පමණ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ගෙන එන විටත් මියගොස් සිටි බව කියැවේ. මරණයට හේතුව හෘදයාබාධයක් බවට හඳුනාගෙන ඇත.

මියගිය දිසානායක හා විමල්ගේ පුතු විභූති කලක පටන් මිතුරන් වන බවත් බොහෝ දිනවලදී මෙම නිවසට පැමිණ නවාතැන් ගන්නා බවද වාර්තාවේ.

ඊයේ රාත‍්‍රියේද නිවසේ නතරවූ තරුණයා මිය යාමෙන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇත්තේ ශෂී වීරවංශයි. මෙම තරුණයාගේ පියාද මිය ගියේ මේ ආකාරයෙන්ම බවත් මියගිය තරුණයාගේ මව විසින් සදහන් කර තිබෙන බව විමල් වීරවංශට අයත් වෙබ් අඩවියක් මගින් වාර්තා කර තිබේ.

මෙම මරණය සිදුවෙද්දී වීරවංශ මහතා කොළඹින් පිට කටයුත්තක් සදහා සහභාගී වීමට ගොස් නිවසට පැමිණ සිට නැති බවද එහි දැක්වේ. තලංගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර සිද්ධියට අදාළව පොලීසියට පැමිණ කට උත්තරයක් ලබාදෙන ලෙස විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී වීරවංශ මහත්මියට දැනුම්දී ඇතැයිද වාර්තාවේ.

No comments:

Post a Comment

Post Bottom Ad