ලෝක පාර්ලිමේන්තු කතානායකවරුන්ගේ සැසියේ සභාපතීත්වය ශ්‍රී ලංකා‍වට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 26, 2016

ලෝක පාර්ලිමේන්තු කතානායකවරුන්ගේ සැසියේ සභාපතීත්වය ශ්‍රී ලංකා‍වට

ලෝක පාර්ලිමේන්තු කතානායකවරුන්ගේ සැසියේ සභාපතීත්වය ශ්‍රී ලංකා‍වට
රටවල් 170ක සහභාගීත්වයෙන් ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන් ලෝක අන්තර් පාර්ලිමේන්තු සමුළුව සහ ඊට සමගාමීව පැවැත්වෙන ලෝක පාර්ලිමේන්තු කතානායකවරුන්ගේ සමුළුවට සහභාගීවීම සඳහා එහි ගොස් සිටින කතානායක කරූ ජයසූරිය මහතා, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, වේළුකුමාර් සහ මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජයරත්න යන මහත්ම මහත්මීන් අද (26) විශේෂ සැසියකට සහභාගී වූහ.

සැසියේ ප්‍රධාන කටයුත්තක් ලෙස සිරියාවේ වත්මන් තත්ත්වය පිළිබදව ජර්මනිය හා බ්‍රසීලය එක්ව ගෙන ආ යෝජනාව සාකච්ඡාවට ගෙන තිබේ.
රටවල් 170 ක් නියෝජනය කරන පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් යුත් මෙම සැසියේ සභාපතීත්වය ශ්‍රී ලංකා‍වේ කතානායක කරු ජයසූරිය මහතාට හිමි වීම විශේෂත්වයකි. 

මෙහිදී දින 02ක් පුරා පැවැත්වෙන මූලික අයිතිවාසිකම් පිළිබද සමුළුව අමතමින් කතානායක කරු ජයසූරිය මහතා අවධාරණය කළේ උපතින් සෑම පුරවැසියෙක්ම සමාන අයිතිවාසිකම් ලබන බවත් උපතේ සිට මරණය දක්වාම පුරවැසියන් සතු එම අයිතිවාසිකම් ආරක්ෂා කර දීමේ වගකීම පාර්ලිමේන්තුව සතු වන බවත් ය. 

ශ්‍රී ලංකා දූත පිරිස සමග මෙම සමුළුව සදහා ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති රවීනාථ ආරියරත්න මහතා ද එක්ව සිටී. 

No comments:

Post a Comment

Post Bottom Ad