ජනපතිට සහය දුන් සිවිල් සංවිධානවල විශේෂ හමුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 13, 2016

ජනපතිට සහය දුන් සිවිල් සංවිධානවල විශේෂ හමුවක්

ජනපතිට සහය දුන් සිවිල් සංවිධානවල විශේෂ හමුවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කළ සිවිල් සංවිධාන රැසක් හදිසියේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ඇතැයි වාර්තා වේ.

මීට හේතුවී ඇත්තේ ඊයේ (12) පදනම් ආයතනයේදී පැවති උත්සවයකදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශයයි. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා  ජනාධිපතිවරයාට මැතිවරණයේදී සහය පළ කළ පුරවැසි බලය, සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන රැසක් හෙට(14) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබේ.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අද(13) විශේෂ නිවේදනයක් නිකුත් කළේය. එහිදී එම පක්ෂය පෙන්වා දුන්නේ සී.අයි.ඩී.ය, එෆ්.සී.අයි.ඩී. ය හා අල්ලස් කොමිසම දේශපාලන න්‍යායපත‍්‍රවලට අනුව කටයුතු කරන බවට සැක පළකරමින් කර තිබෙන ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය ඉතා බරපතළ එකක් බවයි.

ඊයේ පැවැති එම උත්සවයේදී ජනාධිපතිවරයා සඳහන් කළේ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ කොට්ඨාශය වැනි ආයතන දේශපාලන න්‍යාය පත්‍රවලට වැඩ නොකළ යුතු බවයි.

යම් ගැටලූවක් මතුව ඇත්නම් ඒ පිලිබඳව පරික්ෂා කළයුතු ක්‍රමවේදයක් තිබෙන බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා නීතිය සෑම කෙනෙකුටම සාධාරණ විය යුතු බව ද අවධාරණය කළේය.

රටේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම මානව අයිතීන් සුරක්ෂිත කර වංචාවෙන් දූෂණයෙන්, අක්‍රමිකතාවයෙන් තොර රටක් ගොඩනැඟීමට මෙම ආයතන ස්ථාපිත කළ බවද ඔහු අවධාරණය කළේය.

 

No comments:

Post a Comment

Post Bottom Ad