වෛද්‍ය උපකරණවලටත් මෘදුකාංගයක්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 11, 2016

වෛද්‍ය උපකරණවලටත් මෘදුකාංගයක් 

වෛද්‍ය උපකරණවලටත් මෘදුකාංගයක් 

ඖෂධ හිඟයකින් තොරව ලබාදීම සදහා හදුන්වා දුන් මෘදුකාංගයට සෞඛ්‍ය සේවාවට අදාල වෛද්‍ය උපකරණ ද ඇතුළත් කර යාවත්කාලීන කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෛද්‍ය සැපයුම් අංශයට උපදෙස් ලබාදී තිබේ. 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ ඖෂධ වර්ග මෙන්ම වෛද්‍ය උපකරණ ද හිඟයකින් තොරව ලබාදිය යුතු බවයි. 

ඒ සදහා මෘදුකාංගය භාවිත කළ යුතු බවත්, ඒ පිළිබදව සියළුම රෝහල් අධ්‍යක්ෂවරු දැනුවත් කරන ලෙසත්, ඉල්ලා සිටියේය. සෞඛ්‍ය සේවාවේ ක‍්‍රියාත්මක විශේෂ ඒකකවලට අදාල ඖෂධ සහ උපකරණ කඩිනමින් සහ හිඟයකින් තොරව ලබාදෙන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටිය මහතාට දැනුම් දී ඇත. 

ඖෂධ ගෙන්වීමේ දී විශේෂඥ වෛද්‍යවරුන් සමග සාකච්ඡා කිරිම ද උචිත බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයක් මත ඖෂධ හිඟයකින් තොරව රෝහල්වලට ලබාදීම සදහා මෘදුකාංගයක් හදුන්වා දුන් අතර, එමගින් රෝහල්වලට අවශ්‍ය ඖෂධ මේ වනවිට කඩිනමින් ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම නිසා ඖෂධ හිඟයක් මතු වී නොමැති අතර මාස දෙකක කාලයකට අවශ්‍ය ඖෂධ ගබඩා කර තබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දී ඇත. 

 

 

No comments:

Post a Comment

Post Bottom Ad