ක්‍රීඩා ‍ලේකම්ගෙන් අගමැති නිදහසට කරුණු විමසයි  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 2, 2016

ක්‍රීඩා ‍ලේකම්ගෙන් අගමැති නිදහසට කරුණු විමසයි 

ක්‍රීඩා ‍ලේකම්ගෙන් අගමැති නිදහසට කරුණු විමසයි 

ඔලිම්පික් උළෙලට ක්‍රීඩකයන් යැවීමේදී ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශ ‍ලේකම්වරයා මාධ්‍යයට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහුගෙන් වහාම නිදහසට කරුණු විමසන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ‍ලේකම්වරයාට පසුගිය 31වැනිදා දැනුම් දී තිබේ.

බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර පැවැති ඔලිම්පික් උළෙලට ක්‍රීඩකයන් සහභාගි කරවීමේ ක්‍රමවේදය පිළිබඳ කිසිසේත් සෑහීමකට පත්වීමට නොහැකි බව රජයේ උපදේශකයන් විසින් අගමැතිවරයාට කරුණු දැක්වීමෙන් පසුව මෙම සංචාරය පිළිබඳව අගමැතිවරයා වාර්තාවක් කැඳවා තිබිණි.

අදාළ වාර්තාව අගමැතිවරයාට ඉදිරිපත් කර ඒ සම්බන්ධයෙන් තීරණ ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම එම සිද්ධිය නිදොස් කරමින් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශ ‍ලේකම්වරයාට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නැයි අගමැතිවරයා දුන් උපදෙස්වල සඳහන්ව ඇතැයි වාර්තා වේ.

එලෙස සීමා ඉක්මවා යමින් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශ ‍ලේකම්වරයාට එරෙහිව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සිංගප්පූරු සංචාරයෙන් පසුව නිසි ක්‍රියාමාර්ග ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

 

No comments:

Post a Comment

Post Bottom Ad