එදා එකට ඉඳන් ෆොටෝ ගත්ත පුංචි වීරයට ලෝක ශූර මයිකල් පෙල්ප්ස් පරදී (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 13, 2016

එදා එකට ඉඳන් ෆොටෝ ගත්ත පුංචි වීරයට ලෝක ශූර මයිකල් පෙල්ප්ස් පරදී (PHOTOS)

මයිකල් ෆෙල්ප්ස් කියන්නෙ මේ වෙද්දි ඔලිම්පික් ඉතිහාසය වෙනස් කරන්න තරම් රන් පදක්කම් අරන් තියෙන කෙනෙක්. ඒ ගණන 22ක්. ඔහුගේ හැකියාව පරද්දන්නට කෙනෙක් ලේසියෙන් බිහිවෙන්නේ නෑ කියලා කට්ටිය කීවත් මේ වෙද්දි ඔහු පැරදිලා තියෙනවා. 

ඒ මීටර් 100 සමනළ ආර තරඟයකින්. මේ විදියට ලෝක ශූරයා පරද්දලා තියෙන්නේ Joseph Schooling කියන සිංගප්පූරු ක්‍රීඩකයා. ඔහුගේ වයස 21ක්. 

එදා 2008 වර්ෂයේ මයිකල් ෆෙල්ප්ස් සිංගප්පූරුවේ ගිය දවසක ඔහු එක්ක කණ්නාඩි දාගෙන ෆොටෝ එකක් ගහපු මේ පුංචි කොල්ලා කාටවත් පරද්දන්න බැරිව හිටපු ඒ පිහිණුම් ශූරයා පරද්දපු එක ගැන මුළු සිංගප්පූරුවම මේ වෙද්දි කතා වෙනවා.

මොකද මේ තමයි සිංගප්පූරු ඉතිහාසයේ ඔලිම්පික් උළෙලකදී ක්‍රීඩකයෙක් ලබාගත්ත පළමු රන් පදක්කම.. තමන්ට කවදා හරි ඕනි වුණේ මයිකල් ෆෙල්ප්ස් වගේ දිනන්න බවත් ඔහු වගේම වෙලා අන්තිමේ රන් පදක්කම තමන්ට දිනාගන්න පුලුවන් වුණා කියලත් ෆෙල්ප්ස් පරදපු Joseph Schooling කියලා තියෙනවා.









No comments:

Post a Comment

Post Bottom Ad