‘‘රජවරුන්ගේ රැජිණ“ ක්ලියොපැට්‍රා අද වගේ දවසක කරගත්ත අපරාධයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 14, 2016

‘‘රජවරුන්ගේ රැජිණ“ ක්ලියොපැට්‍රා අද වගේ දවසක කරගත්ත අපරාධයක්

සියදිවි නසාගැනීම් කියන්නේ තමන් තමන්ටම කරගන්න අපරාධයක් වුණත් අද දවස විශේෂිත දවසක් කරන්න එක් සියදිවි නසා ගැනීමකට පුළුවන් වෙලා තියෙනවා. ඒ සියදිවි නසාගැනීම නොවන්නට ලෝක ඉතිහාසයත් ඇතැම්විට හුඟක් වෙනස්වෙන්න ඉඩ තිබුණා.

මේ කියන්න යන්නේ ක්‍රිස්‌තු පූර්ව 69 සිට ක්‍රි. පූ. 30 දක්‌වා වසර 29 ක්‌ ඊජිප්තුව පාලනය කළ ”සත්වන ක්ලියෝපැට්‍රා තියා පිලෝපේටර් (Cleopatra viii Thea Philopator) නොහොත් ක්ලියෝපැට්‍රා රැජිණිගේ මරණය ගැන. ඇය සියදිවි නසාගෙන තියෙනවා කියල ඉතිහාසය කියන්නේ ක්‍රිස්තු පූර්ව 30 අගෝස්තු මාසේ 12.

ක්‍රි. පූ. 69 දී උපන් ඇය,  ඊජිප්තු රාජ්‍ය පාලනය කළ අවසන් ටොලමි රාජවංශිකයා. දහ අට වන වියේ දී රජවුණු ඇය  සිට තිස්‌ වන විය දක්‌වා වූ දීර්ඝ කාල පරිච්ඡේදය තුළ දේශපාලන අර්බුධ රැසක් මැද  නොබියව තම රජය පවත්වා ගෙන යන්නට ඇය සමත් වූණා.

ග්‍රීක සම්භවයක්‌ ලැබ උපන් සත්වන ක්ලියෝපැට්‍රා හට සිටියේ එක්‌ ආච්චි අම්මා කෙනෙක්‌ හා එක්‌ සීයා කෙනෙක්‌ විතරයි . ඒ ඊජිප්තු සම්ප්‍රදායට අනුව ඇගේ මව හා පියා එකම පවුලේ දරුවන් දෙදෙනකු වූ නිසා.

ක්‍රි. පූර්ව 51 දී සිය පිය රජාණන්ගේ සහාය පාලිකාව වශයෙන් රාජ්‍ය පාලනයට හවුල් වූණු  ඇය ඔහුගේ මරණයෙන් පසුව ඊජිප්තුවේ පාලිකාව බවට පත් වූණා. ඇය ඇගේ දස  හැවිරිදි සොහොයුරු වූ ටොලමි XII සමගින් සම්ප්‍රදායානුකූලව විවාහ වූ අතර ඔහු ඇයගේ සම පාලකයා වශයෙන් ද පත් කරගත්තා.

දරුවන් සිවු දෙනෙකු ගේ මවක් වූ ඇය හැඳින්වෙන්නේ  ”රජවරුන්ගේ රැජින” (The Queen of Kings) යන අන්වර්ථ නාමයෙන්. ඒ එකදු දරුවෙකුවත් ටොලමිගේ නොවෙයි. ලොව වාර්තා වූ පළමු දික්කසාදයත් ක්ලියෝපැට්‍රාගේ. ක්‍රිස්‌තු පූර්ව 47 දී ඇය ටොලමි සමග සියලු සම්බන්ධතා අත්හැර රාජ්‍ය ලේඛනවලින් ඔහුගේ නමද කපා හැරියා. 


ඒ වගේම ඊජිප්තු  කාසිවල තමාගේ මුහුණේ රුව පමණක්‌ යොදන්නටද ඇය කටයුතු කළා. නමුත් රෝමය සමඟ සටනට යනවිට ඔහු යළිත් සම පාලකයා කිරිමට ඇය කටයුතු කළා. ඇය බලසම්පන්න රෝම  පාලකයකු වූ ගබිනියානි (Gabiniani) සමග සටනට පිවිසියා.

රෝම හමුදාව විසින් සිරියාවේ පාලක බිබියුලස්‌ගේ (Bibulus) පුතුන් නසා දැමීමට එරෙහිව ඇය බිබියුලස්‌ හට තම මිනීමරු හමුදාවේ සහාය ලබාදීම නිසයි  රෝමය හා ඊජිප්තුව මෙලෙස සතුරන් බවට පත්ට පත්වුණේ. මේ අතර එවකට රොමයේ අධිපතිව සිටි ජුලියස්‌ සීසර් ඊජිප්තුව අල්ලා ගත්තා. . ටොලමි XIII බලයෙන් පහ කෙරුණත්  ක්‌ලියෝපැට්‌රා සමග සීසර්ගේ ප්‍රේම සම්බන්ධතාවක්‌ ගොඩනැගුණා.

වරක්‌ මුරකරුවන් ලවා බිම සරසන පලසක ඔතා ක්‌ලියොපැට්‌රා සීසර් වෙත ගිය බව ද  කියවෙනවා. ක්ලියෝපැට්‍රා සහ සිසර් විවාහ වූ අතර ඇයට සීසර්ට දාව පුතෙකු උපන්නා. ඔහුට නම තබන ලද්දේ ටොලමි සීසර් නොහොත් කුඩා සීසර් හෝ සිසේරියන් ලෙසින්. ක්ලියෝපැට්‍රා සහ සීසර් අතර විවාහය ගලා ගියේ හැල හැප්පීම් මධ්‍යයේ.

ක්‍රි. පූ. 44 දී එනම් සීසර් ඝාතනයට ලක්‌ වූණා. ඉන් පසුව ඇය නැවත ඊජිප්තුවට පැමිණියා. ක්ලියෝපැට්‍රා නැවතත් ඊජිප්තු පාලනය ආරම්භ කළේ ඇගේ පුත් සීසර් ටොලමි හට අනාගත උරුමකාරත්වය පවරා දෙමින්. ක්‍රි. පූ. 41 වැනි විට රෝමයේ යුද නායකයාව සිටියේ මාක්‌ ඇන්ටනි. ඔහු සීසර්ගේ ඥති පුත්‍රයෙකු ද වුණා.

ඔහු ඇයගෙන් උපකාර ඉල්ලා සිටියේ පාතියන්ස්‌වරන්ට (පර්සියන්) විරුද්ධව සටනක්‌ ආරම්භ වූ නිසා. ඇය ඔහුගේ ඉල්ලිම පිළිගත්තා. මාක්‌ ඇන්ටනි, ඔක්‌ටේවියන් ඇතුළු යුද පෙරමුණට සහාය වෙන්නට ක්ලියෝපැට්‍රා ගිය ගමන කෙලවර වුණේ ඔවුන් දෙදෙනා විවාහ වීමෙන්. ක්‍රිස්‌තු පූර්ව 40 දෙසැම්බර් විසිපස්‌වැනි දින ක්‌ලියෝපැට්‌රා නිවුන් දරුවකු හා දැරියක බිහි කළා.

ඇගේ දියණිය දෙවන  ක්ලියෝපැට්‍රා සෙලින්.  පුතණුවන් ඇලෙක්‌සැන්ඩර් හීලියස්‌. තවත් සිව්වසරකට පසුව මාක්‌ ඇන්ටනිට දාව ඇය තෙවන දරුවාටද උපත ලබා දුන්නා. එම දරුවා හට ටොලමි පිලඩෙල්පස්‌ ලෙසට  නම තැබුවා. පසු කාලීනව  දියණිය ලිබියාවේද නිවුන් පුත්‍රයා ආමේනියාවේද තුන්වන පුත්‍රයා සිරියාවේද රාජ්‍ය නායකයන් බවට පත් වුණා..

ක්ලියෝපැට්‍රා මාක්‌ ඇන්ටනී සමග එක්‌ව ගෙවූ  කාලය ඊජිප්තුවේ සාමකාමී කාලයක්. ක්‍රිස්‌තු පූර්ව 48 දී රෝම අධිපති වූ ඔක්‌ටේවියන්  ක්ලියෝපැට්‍රා හා යුද වැදුණා .එය ඉතිහාසයට එක්වුණේ  Sea battle at Actium ලෙසටයි. මෙහිදී සටනට වන් මාක්‌ ඇන්ටනි පරාජය හේතුවෙන් සිය දිවි නසා ගත් අතර  ඒ ආරංචියෙන් කම්පිත වූ  ක්ලියෝපැට්‍රා නාගයෙක්‌ ද්ෂ්ඨ කරවා ගැනීමෙන් සියදිවි නසාගත් බවයි පැවසෙන්නේ. 


ඒ ක්‍රිස්‌තු පූර්ව 30 දී අද වගේ දවසක. සමහර ඉතිහාස කතාවලට අනුව  ක්ලියෝපැට්‍රා සියදිවි නසාගත්තේ විෂක් පානය කිරීමෙන්. ඇතැම් පර්යේෂකයන් කියන්නේ විස සහිත විශාල නයෙකු කුඩා පෙට්ටියක දමා තබා ගත නොහැකි නිසා ක්ලියෝපැට්‍රා මියගියේ නයි විසෙන් නෙමෙයි කියලයි.

කෙසේ නමුත් ක්ලියෝපැට්‍රා මියයාමත් සමඟ ඊජිප්තුව රෝමන් අධිරාජ්‍යයේ ඊජිප්ටස්‌ ප්‍රාන්තය බවට පත්වූණා. වසර දහස්‌ ගණනින් කාලය ගෙවී ගියද ක්ලියෝපැට්‍රා අද ද ලොව ජනප්‍රියයි. ඉතිහාස කතාවල පමණක් නොවේ කලා නිර්මාණවලත් ඇය ජීවමානව සිටිනවා.

No comments:

Post a Comment

Post Bottom Ad