ඖෂධ මිල 200% කින් ඉහළ ගිහින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 14, 2016

ඖෂධ මිල 200% කින් ඉහළ ගිහින්

ඖෂධ මිල 200% කින් ඉහළ ගිහින්
මිල පාලනය සඳහා කිසිදු ක්‍රමවේදයක්‌ නොමැති වීමෙන් පසුගිය මාස කිහිපය තුළදී වෙළෙඳපොළේ පවතින අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ගවල මිල සියයට දෙසීයකින් පමණ ඉහළ ගොස්‌ ඇති බව මහාචාර්ය සේනක බිබිලේ අනුස්‌මරණ සංවිධානයේ ලේකම්, වෛද්‍ය ජයන්ත බණ්‌ඩාර මහතා පවසයි.
මෙලෙස අධික ලෙස බෙහෙත් මිල ඉහළ දැමීමට ඉඩ හැර සෞඛ්‍ය බලධාරීන් බලා සිටීම නිසා බෙහෙත් ආනයනය කරන සමාගම් සියයට දෙසීයේ සිට සියයට අටසීයක්‌ දක්‌වා ලාභයක්‌ උපයන බව හෙතෙම අනාවරණය කළේය.

මෙලෙස බෙහෙත් මිල අසීමිත ලෙස ඉහළ යැම නිසා රෝගීන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින බවත් මේ තත්ත්වයෙන් ඔවුන් මුදවා ගැනීම සඳහා රජයට හෝ සෞඛ්‍ය බලධාරීන්ට කිසිදු සැලසුමක්‌, වැඩපිළිවෙළක්‌ නැති බවට ජනතාව චෝදනා කරති.


පසුගිය කාලයේ බෙහෙත් මිල ගණන් අඩු කරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්‌ නිකුත් වුවද ඒවා මෙතෙක්‌ යථාර්ථයක්‌ බවට පත්ව නැතැයි හෙතෙම අවධාරණය කළේය.
ජාතික ඖෂධ ප්‍රතිපත්තිය නිසි පිරිදි ක්‍රියාත්මක නොකිරීම මෙන්ම එම ප්‍රතිපත්තිය යටතේ පිහිටුවා ඇති ස්‌වාධීන ඖෂධ නියාමන අධිකාරියට අවශ්‍ය බලතල ලබා නොදීම, බෙහෙත් සඳහා මිල පාලනයක්‌ ක්‍රියාත්මක නොකිssරීම බලවත් අඩුපාඩුවක්‌ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර සෞඛ්‍ය පෝෂණ කටයුතු හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නිවේදනයකට අනුව මෙම මස 31 වැනිදා වෙළෙඳපළෙහි පවතින බෙහෙත් මිල ගණන් අඩු කිරීම සම්බන්ධව ගැසට්‌ නිවේදනයක්‌ ස්‌වාධීන ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත් කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad