ඒකාබද්ධ විපක්ෂයේ ඡායා කැබිනට් මණ්ඩලය තුළ අර්බුද ගණනාවක් නිර්මාණය වී තිබෙන ඇතැයි දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි.
ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ කටයුතු පිළිබද සොයා බැලීමට අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත් කරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්ට දැනුම්දී තිබුණද අධීක්ෂණ මන්ත්‍රීවරුන් වෙනුවට ඡායා කැබිනට් ඇමැතිවරු පත් කිරීම නිසා මෙම අර්බුදය හටගෙන ඇතැයි වාර්තා වේ.
ඡායා කැබිනට් මණ්ඩලයට පත් කරන බව මන්ත්‍රීවරුන්ට පෙර දැනුම්දීමක් කර නොමැති අතර ඊට විරෝධය දක්වමින් ලොහාන් රත්වත්තේ ඡායා කැබිනට් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. තමන්ට මෙවැනි තනතුරක් ලබාදීම පිළිබඳ පෙර දැනුම්දීමක් නොකළ බවද ඒ නිසා තමන් ඉල්ලා අස්වූ බවද ඔහු පැවසුවේය.
මේ අතර ඡායා කැබිනට් මණ්ඩලයේ අගමැතිවරයා ලෙස නම් කර තිබෙන මහින්ද රාජපක්ෂ එම ධුරයෙන් ඉවත්වීමට කටයුතු කරමින් සිටින බවද දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.
ඒකාබද්ධ විපක්ෂය සමග කටයුතු කරන මේ වනවිට පාර්ලිමේන්තුවේ නොසිටින බැසිල් රාජපක්ෂ හා ජී.එල්. පීරිස් යන අයගේ අදහස් විමසීමකින් තොරව පාර්ලිමේන්තු කණ්ඩායම පමණක් ඡායා කැබිනට්ටුව නම් කර තිබේ. ඡායා කැබිනට් මණ්ඩලයක් නම් කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ සිටින මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම සිය විරෝධය දක්වා ඇත.
මේ අතර ඊයේ (08)පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 4 පැවති මාධ්‍ය හමුවකදී ඡායා කැබිනට් මණ්ඩලයේ අධ්‍යාපන හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසූවේ ඡායා කැබිනට්ටුව හැදුවේ ශ්‍රීලනිපය කඩන්නට නොව ආණ්ඩුව කඩන්නට බවත් එබැවින් තම පිරිස ආයාසයෙන් නිර්මාණය කළ ඡායා කැබිනට්ටුවට වැරදි නිර්වචන ලබා නොදෙන ලෙසද හෙතෙම ඉල්ලීමක් කළේය.
වර්තමාන ඇමති මණ්ඩලයේ උදවියගේ ක්‍රියා කලාපය මෙම ඡායා කැබිනට්ටුවේ අධීක්ෂණ මන්ත්‍රීවරුන් විසින් අධීක්ෂණය කරනු ඇති බවත්, මෙවන් අධීක්ෂණ කටයුතු වෙනුවෙන් ඡායා කැබිනට් පත්කරනු ලැබු පළමු අවස්ථාව මෙය නොවන බවත් අලහප්පෙරුම මහතා පෙන්වා දුන්නේය. මීට ප්‍රථම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේදීද, රනිල් වික්‍රමසිංහ මහතාගේ මීට පෙර කාලයේදීද මේ ආකාරයේ කැබිනට් මණ්ඩලයක් පත්කර ගත් බව ඔහු සිහිපත් කළේය.
මාස 06ක පමණ කාලයක් තිස්සේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කොට කැඳවා ඒ ඒ අය කැමති ක්ෂේත්‍රයන් පිළිබඳ සාකච්ඡා කොට මෙම මන්ත්‍රීවරුන්ට ඡායා කැබිනට් අමාත්‍යවරුන් ලෙස අධීක්ෂණ මන්ත්‍රීකම් ලබාදුන් බවත් එහි ප්‍රධානත්වය ගන්නා මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රීවරුන් 51 දෙනාටම මෙම තනතුරු ප්‍රදානය කරන ලෙස උපදෙස් දුන් බවත් අලහප්පෙරුම මහතා අවධාරණය කළේය.
ලොහාන් රත්වත්තේ මහතා මේවන විට මෙම ඡායා කැබිනට්ටුවෙන් ඉල්ලා අස්වී ඇති බව නිවේදනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් විමසූ අවස්ථාවේ ඊට ප්‍රතිචාර දක්වමින් අලහප්පෙරුම මහතා කියා සිටියේ මෙම පත්කිරීම් සිදුකරන අවස්ථාවේදී ලොහාන් රත්වත්තේ මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයේ නොසිටි බවයි.
මේ ආකාරයට ඡායා කැබිනට් මණ්ඩල පත්කිරීම ලෝකයේ බොහෝ රටවල සිදුවන බැවින් මෙන්ම ඒවායේ සාමාජිකයින් ඇතැම් විට ඉල්ලා අස්වීම්ද සිදුවන බවත්, එබැවින් රත්වත්තේ මහතාගේ ඉල්ලා අස්වීමද එතරම් තැකිය යුතු දෙයක් නොවන බවත් අලහප්පෙරුම මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. වාසුදේව නානායක්කාර මහතා පැවසූවේ ෂැඩෝ කැබිනට් නොමැති බවත් ඇමති ගැන ඇහැගහගෙන සිටින වරදක් වෙනවානම් පාර්ලිමේන්තුවට කියන ආකාරයේ වගකීමක් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පවරා දී ඇති බවයි.
කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය විසින් පත් කළ ඡායා කැබිනට්ටුවේ අමාත්‍යවරයෙකු ලෙස තමා නම් කිරීම පිළිබඳව කිසිදු දැනුවත් භාවයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කළේය. ඒකාබද්ධ විපක්ෂය විසින් පත් කළ ඡායා කැබිනට්ටුවේ අමාත්‍ය මණ්ඩලය මාධ්‍ය වෙත අනාවරණය කෙරුණු අතර එහි නගර නිර්මාණ හා ජල සම්පාදන අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා නම් කර තිබුණි.
ඡායා කැබිනට්ටුව පිළිබඳව හෝ තමා එහි අමාත්‍යවරයෙකු ලෙස නම් කිරීම පිළිබඳව තමන් දැනුවත් වූයේ මාධ්‍ය ඔස්සේ පමණක් බවත් එමෙන්ම ඡායා කැබිනට්ටුව කවුරුන් විසින් පත් කළේද යන්න පිළිබදව ද තමා කිසිවක් නොදන්නා බවත් ඔහු සඳහන් කළේය. ඒ අනුව තමා එම තනතුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලීමක් කර ඇති බව ලොහාන් රත්වත්තේ මහතා කියා සිටියේය.

No comments:
Post a Comment