රජය විසින් සිදුකළ වැට් බදු සංශෝධනය මගින් ජනතාව පීඩාවට පත් වී ඇති බවත් ඊට එරෙහිව දින 07ක් ඇතුළත දී තමන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
මන්ත්‍රීවරයා මේ බව කියාසිටියේ ඊයේ (08) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වැට් බදු සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ ඊයේ දිනයේ දී බවත් එය පාර්ලිමේන්තුවේ දී විවාදයට ගෙන ඉන් සම්මත කර ගැනීමටත් පෙර වැට් බද්ද ඒ ආකාරයෙන්ම ජනතාවගෙන් අයකර ගැනීම නීති විරෝධී බවත් මන්ත්‍රීවරයා මෙහිදී අදහස් දක්වමින් කියාසිටියේ ය.
වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය විසින් බිහිකළ ඡායා කැබිනට්ටුවේ අධීක්ෂණ මන්ත්‍රීවරුන් අතරින් තමාට පැවරී ඇත්තේ මුදල් ක්ෂේත්‍රය බැවින් තමාගේ වගකීමේ මුල් ක්‍රියා මාර්ගය ලෙස මෙම කටයුත්ත සිදුකරන බවයි.

No comments:
Post a Comment