මීට දින කිහිපයකට පෙර උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් අංගොඩ අයි. ඩී. එච් රෝහලට ඇතුළත් කළ තම මවට එම රෝහලේ දී එන්නතක් ලබාදුන් බවත් ඉන් පසු ඇයගේ වම් අත අකර්මන්‍ය වී ඇති බවත් අදාළ කාන්තාවගේ ඥාතීන් චෝදනා කරයි.
මෙම තත්ත්වයට මුහුණ දී ඇත්තේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 70ක් වන එම්. ජී ප්‍රේමවතී නම් තැනැත්තියයි. ඒ සම්බන්ධව අදහස් දැක්වූ ඇගේ දියණිය කියාසිටියේ එලෙස තම මවගේ වම් අත අකර්මන්‍ය වීමෙන් අනතුරුව කිසිවෙකුටත් නොදන්වා ඇයව කොළඹ ජාතික රෝහලට ද මාරු කර යවා ඇති බවයි.
ඩොක්ටට කිව්වත් එයාලා වැඩි උනන්දුවක් දැකුවුවේ නෑ. අම්මා දවස් එක හමාරක් විතර ඒ කටුව අතේ තියාගෙන හිටියා. අපිට තේරුණා ඒ වෙනකොට අම්මගේ අත මැරිලා කියලා. “ බවයි.
මේ සම්බන්ධව අංගොඩ ජාතික බෝ නොවන රෝග පිළිබඳ විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලලිත් පෝද්දල්ගොඩ මහතා කියාසිටියේ මෙම සිදුවීම රෝහල් සේවකයින්ගේ අත්වැරුද්දක් නිසා සිදුවූවක් ද ඇගේ ආසාත්මිකතාවක් නිසා සිදුවූවක් ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් මේ සම්බන්ධව දෙපාර්තමේන්තු මට්ටමින් පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බවයි.

වීඩියෝව පහතින්....
වීඩියෝ අනුග්‍රහය - හිරු
No comments:
Post a Comment